කවි
From Wikipedia
'සිංහ සිහිනය'
දවසක් බෝම රෑ මා නිදි දෙව් තුරැලේ
සිටියදි පුදුම ලෙස දුටු සිහිනෙක පතුලේ
හදවත දැවී දෙනතද තෙත් වුන කදුලේ
උණුසුම හැගෙන විට උණු වෙනවා රතුලේ
එදා උදෑසන මහ සෙනගක් අතර
සිටියේ පුංචි මං දුවිල්ලක් විතර
ඈතින් පෙනුන කොඩි කනුවක අතක දුර
පිරිසක් වටව උන්නා විස්සක විතර
උස සුදු මහත්වරු ලොකු මැති ඇමතිවරු
අතරට පුංචි මං ඇදුනා විලස දැරු
ඉන් එක් අයෙක් පෙරටම විත් නමක් දැරූ
ජාතික ධජය එසවූවා විලස සුරු
කොඩි කඳ පද්දමින් ඔහු ලණු පට ඇද්දේ
සිහ රජු රැගෙනන හෙළ දද ගුවනට විද්දේ
ගතවුන මොහොත කන් අඩි පුපුරණ සද්දේ
ගිණිගෙන කුමක් හෝ වැටුණා හරි මැද්දේ
හැගුමක් නොදී බිම පෙරලී මං දැවුනා
මට ඉස්සරින් සිටි හත් අට දෙනා මැරැනා
තත්පර දෙක තුනක් ගෙලවට හිරි වැටුනා
ඇස් දෙක නිලංකාරව යන බව හැගුණා
අන්තිම මොහොත මේ යයි හැගුනාම මට
සම්බුදු දහම ගැන මුලු හිත යොමන විට
පත්තර කාරයොත් වටපිට එෙඔන කොට
කන්දක් බරට කිසිවක් වැටුනා ඇගට
සියොලග පහුරැ ගාගෙන සතෙකුයි වැටුනේ
නෙත බය වුනත් සිත සිරකර ගෙන රැදුනේ
කෙලෙසක කියනු සිදුවුන දේ සකිසදුනේ
ජාතික කොඩියෙ සිහ රජුමයි ඇද වැටුණේ
සිහරජු මා කෙළින් ඔසවා පන දුන්නා
මගෙ රට ගැනම දොඩමින් ඔහු මට බැන්නා
සිය අත රැදි කඩුව මගේ සුරතට දුන්නා
යන එන අතර තුර සෙබලකු ලෙස උන්නා
එන්නට පෙරට පර සතුරන් දත මදිනා
මං කඟ පත මිටින තද කරගෙන නැඟුනා
දැන්ම ම ගෙල සිඳිමි දැයි නිකමට සිතුනා
මං සැරසෙන්නට පෙර කෙසරිඳු මුව ඇරුණා
අප්පච්චි කියා පුතු මා අවදි කරයි
යන්නට වැඩට බස්රිය ලඟ ලඟ එනවයි
මං තව නිදනිනම් පුත මගේ ලය කකියයි
“දැන් ඇති නැගිටින්න” ඔහු නොසිටම කොඳුරයි
විජය කුමාර හේරත්
වයඹ පුහුණු ආයතනය
වාරියපොල