විකිපීඩියා siwiki https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80 MediaWiki 1.47.0-wmf.14 first-letter මාධ්‍යය විශේෂ සාකච්ඡාව පරිශීලක පරිශීලක සාකච්ඡාව විකිපීඩියා විකිපීඩියා සාකච්ඡාව ගොනුව ගොනුව සාකච්ඡාව මාධ්‍යවිකි මාධ්‍යවිකි සාකච්ඡාව සැකිල්ල සැකිලි සාකච්ඡාව උදවු උදවු සාකච්ඡාව ප්‍රවර්ගය ප්‍රවර්ග සාකච්ඡාව ද්වාරය ද්වාරය සාකච්ඡාව MOS MOS talk TimedText TimedText talk Module Module talk Event Event talk ශ‍්‍රී ලංකාවේ නිපදවන කුළු බඩු 0 13559 797582 728486 2026-08-10T22:13:00Z CommonsDelinker 157 [[:c:COM:FR|File renamed]]: identity, හේතුව ලෙස දක්වා [[c:User:CommonsDelinker|CommonsDelinker]] විසින් Cinnamon_1.JPG ගොනුවේ නම [[c:File:Cassia_bark_1.jpg|Cassia_bark_1.jpg]] ලෙසට වෙනස් කර ඇත. 797582 wikitext text/x-wiki [[ගොනුව:Bumbu dan Rempah - rempah.jpg|thumb|කුළු බඩු]] ශතවර්ෂ ගණනක් පුරා, පෙර අපරදිග ජනයා ආහාර රසවත් කිරීමට කුළු බඩු වර්ග භාවිතා කිරීමට පුරුදුව ඇත. වර්තමානයේදී ආහාර පිසීමේ කාර්යය සඳහා කුළු බඩුවලින් ලැබෙනුයේ මනා දායකත්වයකි. මීට ශතවර්ෂ ගණනකට පෙර යුරෝපීයයන් විසින් පවත්වාගෙන යනු ලැබූ යටත් විජිත ක‍්‍රමයෙහිදී මුතු, මැණික්, දියමන්ති, ඇත් දළ මෙන්ම කුළු බඩු වෙළඳාම ද ප‍්‍රධාන ස්ථානයක් හිමිකරගත්තේය. යටත් විජිත ක‍්‍රමය පැවති අවධියේදී ශ‍්‍රී ලංකාවට කුළු බඩු සම්බන්ධයෙන් කීර්ති නාමයක් ගොඩ නැගී තිබුණු අතර එය 'කුළු බඩු දිවයින' ලෙස ද හඳුන්වනු ලැබිණි. == ඉතිහාසය == [[ගොනුව:Caminho maritimo para a India.png|thumb|250px|right| අතීතයේ කුළු බඩු වෙළඳාම සඳහා භාවිතා කළ මාර්ග]] ‍ ශීතකරණ හෝ අධිශීතකරණ නොතිබුණ යුගයන්හි දී ලෝකයේ විවිධ කලාපවල ජීවත් වූ ජනයා තමන්ට ආවේණික වූ ස්වභාවික ක‍්‍රමයක් මඟින් ආහාර සංරක්ෂණයට පෙළඹී සිටියහ. විශේෂයෙන් යුරෝපීයයන්ට ශීතකාලයේදී තම ආහාර සංරක්ෂණය කරගැනීම ගැටළුවක් වූ අතර කුළු බඩු වර්ග භාවිතා කිරීමෙන් එම ගැටළුව විසඳා ගැනීමට ඔවුන් සමත්විය. මෙහිදී කුළු බඩු සඳහා බටහිර රටවල ඉතා ඉහළ ඉල්ලුමක් පැවතුණි. 15 වන ශතවර්ෂයට පෙර කුළු බඩු වෙළඳාම, අරාබි වෙළඳුන් විසින් පවත්වාගෙන යනු ලැබිණි. ලෝකයේ පෙරදිග කලාපයට අයත් රටවල්වල තිබුණු කුළු බඩු වර්ග ඒකරාශී කරමින් කොන්ස්තන්තිනෝපලය හරහා මධ්‍යධරණී වරායන් වෙත ගෙනඑමින් එම කුළු බඩු බටහිර රටවල් වෙත අළෙවි කිරීමේ කාර්යය දීර්ඝ කාලයක් පුරා අරාබි වෙළඳුන් විසින් පවත්වාගෙන යනු ලැබිණි. එ‍හෙත් නාවික කටයුතු ආරම්භ කිරීමත් සමඟ යුරෝපීයයන් නැගෙනහිර ප‍්‍රදේශවලට යාත‍්‍රා කල අතර පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම වැනි වෙළඳ සමාගම් මගින් අරාබීන් සතුව පැවති කුළු බඩු ඒකාධිකාරය බිඳ දමන ලදි. යුරෝපා ජාතිකයන් ලෝකයේ අප‍්‍රිකා සහ ආසියා මහද්වීප තුළ තම බලය පතුරුවන ලද අතර යුරෝපා වෙළඳපල තුළ කුළු බඩු සඳහා තිබුණු ඉහළ ඉල්ලුමට සරිලන දායකත්වයක් සැපයීම වෙනුවෙන් කැපවිය. ===කුළු බඩු සහ ශ‍්‍රී ලංකාව=== කුළු බඩු පිළිබඳ සාකච්ඡා කිරීමේදී ශ‍්‍රී ලංකාවට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ශ‍්‍රී ලංකාව කලින් කලට විවිධ යුරෝපා ජාතීන්ගේ යටත් විජිතයක් බවට පත්විය. ස්වාභාවික වරායන් සහිත වූ දිවයිනක් වශයෙන් යටත් විජිත වාදීන්ගේ ආකර්ෂණය ශ‍්‍රී ලංකාව වෙත යොමු විය. යුරෝපීයයන්ගේ යටත් විජිතයක්වීමට පෙරද ශ‍්‍රී ලංකාවේ කුළු බඩු ලෝක ප‍්‍රසිද්ධ වී තිබුණි. එනම් උදාහරණයක් වශයෙන්ඈත අතීතයේ සිටි සුප‍්‍රසිද්ධ දේශාටකයෙකු වූ ඉබන් බතුතා විසින්ද ශ‍්‍රී ලංකාවේ කුළු බඩු සම්බන්ධව තම අදහස් ඉදිරිපත් කර ඇත. ඔහු දක්වන පරිදි, ‘‘එම දිවයිනේ වෙරළාසන්න ප‍්‍රදේශයේදී කුරුඳු ශාකයන්හී අතුපතර විහිදී ගිය ආවරණයක් නිර්මාණය කර තිබිණ. වෙළඳුන් එම කුරුඳු විශාල වශයෙන් තම රටවලට ගෙන ගියේ ස්වදේශික ජනයාට කිසිඳු ගෙවීමක් නොකරය. එහෙත් ඇතැම් විට ඔවුන් තමන් සතු වියන ලද රෙදි පිළි සහ වෙනත් සුවඳ විලවුන් ද්‍රව්‍ය ස්වදේශිකයන්ට තිළිණ වශයෙන් හිමිකර දි තිබුණි.’’ යනුවෙන් ප‍්‍රකාශ කර ඇත. === පෘතුගීසි යුගය=== 1505 දී ශ‍්‍රී ලංකාව පෘතුගීසීන්ගේ යටත් විජිතයක් බවට පත්විය. එම අවධිය වනවිට ද ශ‍්‍රී ලංකාවේ කුළු බඩු වෙළඳාම් කිරීම අරාබීන් විසින් සිදුකරගෙන යනු ලැබිණ. එහෙත් පෘතුගීසීන්ගේ යටත් විජිතයක් වීම නිසා ලංකාවේ කුළු බඩු වෙළඳාම අරාබීන්ට අහිමි විය.ඔව් ===ලන්දේසි යුගය=== ශ‍්‍රී ලංකාව ලන්දේසි පාලනයට යටත් වීම සමඟ කුළු බඩු වෙළඳාම තවදුරටත් පුළුල් විය. පෘතුගීසීන් මෙන් නොව ලන්දේසීන් ශ‍්‍රී ලංකාවේ කුළු බඩු වගාකිරීමේ කටයුතු ආරම්භ කරන ලදි. එනම් උදාහරණයක් වශයෙන් වර්තමානයේ කොළඹ 07 නමින් හඳුන්වන කුරුඳුවත්ත ප්‍රදේශය, ලන්දේසි යුගයේදී කුරුඳු වගාකිරීමට යොදාගත් භූමි ප‍්‍රදේශයක් විය. එමෙන්ම වගාකරන ලද කුරුඳු අපනයනය කිරීම සඳහා නියමිත පරිදි සකස් කිරීමට පුහුණු කරන ලද පුද්ගල කණ්ඩායමක් යොදා ගනු ලැබූ අතර ඔවුන් ‘චාලියා' නමින් හඳුන්වන ලදී. ===බ්‍රිතාන්‍ය යුගය=== ශ‍්‍රී ලංකාවේ කුළු බඩු වෙළඳාම තුළින් ලන්දේසීන් උපරිම ලාභයක් හිමිකර ගන්නා බව හඳුනාගත් ඉංග‍්‍රීසීන් ශ‍්‍රී ලංකාව යටත් කර ගනිමින් තම බලය ස්ථාපිත කිරීම 1796 දි සිදුකරන ලදි. 1720 ගණන් වල ප‍්‍රංශ සහ ස්පාඤ්ඤ ජාතිකයන් තමන් විසින් යටත් කරගත් අප‍්‍රිකානු ප්‍රදේශවල කරාබු නැටි සහ සාදික්කා වැනි ශාක වගා කිරීම ආරම්භ කර තිබුණි. ඒ අනුව 1790 දී පමණ බි‍්‍රතාන්‍යයන් අප‍්‍රිකාවේ බණ්ඩා නම් ප‍්‍රදේශයෙන් ගෙනෙන ලද කුළු බඩු ශාක ශ‍්‍රී ලංකාවේ වගා කිරීම ආරම්භ කරන ලදි. 16,17,18 යන ශතවර්ෂ වල සිට වර්තමානය දක්වාම කුළු බඩු වෙළඳාම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ආදායම් උපනය මාර්ගයක් බවට පත්ව තිබුණි. බි‍්‍රතාන්‍ය යුගයේදී තේ වගාව ප‍්‍රචලිත කිරීමට උනන්දුව ඉහළ ගිය නමුත් ඊට පෙර සිට ශ‍්‍රී ලංකාව ප‍්‍රසිද්ධ වූයේ කුරුඳුවලටය. එනම් කුරුඳුවල විද්‍යාත්මක නාමය වන Cinnamomum Zeylanicum යන්නෙන් ශ‍්‍රී ලංකාව පෙරදී හඳුන්වනු ලැබු සිලෝන් (ceylon) යන්න නිර්මාණය වූ බවටද මතයක් ඇත. ==කුළු බඩු යනු මොනවාද?== ආහාර රසවත් කිරීමට හා ආහාර මත වර්ධනය වන අහිතකර බැක්ටීරියා වර්ග විනාශ කිරීමෙන් ආහාර සංරක්ෂණය කිරීමට උපකාරී වන වියළි බීජ වර්ග,පළතුරක් හෝ මුල් වර්ගයක් වශයෙන් කුළු බඩු, සරලව හඳුනාගත හැකිය.මෙම කුළු බඩු වර්ගවලින් බොහොමයක් ආහාර පිසීමට භාවිතා කිරීමට අමතරව ඖෂධ වර්ග, සුවඳ විලවුන්, ආලේපන වර්ග හෝ ආගමික කටයුතු සඳහා භාවිතා කිරීම දැකගත හැකිය. ===ශ‍්‍රී ලංකාවේ ප්‍රචලිත කුළු බඩු=== ශ‍්‍රී ලංකාවේ වගා කරනු ලබන කුළු බඩු අතර කරාබු නැටි,කුරුඳු,කරඳමුංගු,සාදික්කා,වසාවාසි,ගම්මිරිස් යන වර්ග සුළු අපනයන බෝග වශයෙන්ප්‍රචලිතව ඇත.මීට අමතරව වැනිලා,කරපිංචා,කොත්තමල්ලි, සූදුරු,මහදුරු,කහ,උළුහාල්,අබ,ඉඟුරු,සේර,ගොරකා වැනි කුළු බඩු ද දේශිය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද පිළිගත් ස්වභාවික ආහාර රසකාරකයන් වේ. ===කුරුඳු=== [[ගොනුව:Cassia bark 1.jpg|200px|right|thumb|කුරුඳු]] ශ‍්‍රී ලංකාවේ කුරුඳු පිළිබඳ ඉතිහාසය යටත්විජිත යුගය දක්වා ඈතට විහිද යයි.Lauraceae කුලයට අයත් කුරුඳුවල ජෛව විද්‍යාත්මක නාමය Cinnamomum Verum නම් වේ.කුරුඳු ශාකයේ වියළාගත් කඳ කොටස කුළු බඩු වශයෙන් භාවිතයට ගනු ලබයි.කුරුඳු ශ‍්‍රී ලංකාවට ආවේණික කුළු බඩු වර්ගයක් ද වේ.ශ‍්‍රී ලංකාවේ කුරුඳු ගුණාත්මක බවින් ඉතා ඉහළ බව පිළිගෙන ඇත.ඈත අතීත‍යේ දී ඊජිප්තුවේ පාරාවෝ රජවරුන්ගේ රාජකීය අවමඟුල් උත්සවවලදී ,මෘත දේහයට කුරුඳු කුඩු ඉසීමේ චාරිත්‍රයක් තිබුණු බවටද වාර්තා ‍වේ. ===කරඳමුංගු=== [[ගොනුව:Elettaria cardamomum Capsules and seeds.jpg|200px|right|thumb|කරඳමුංගු]] Zingiberaccae කුලයට අයත් ,Elettaria Cardamomum යන ජෛව විද්‍යාත්මක නාමය දරන කරඳමුංගු ශාකය, ස්වරූපයෙන්ඉඟුරු ශාකයට බෙහෙවින් සමාන වේ. කරඳමුංගු ,මැදපෙරදිග ගුණාත්මක බවින් ඉහළ වර්ධනයක් සඳහා ඉතා ඉහළට වැඩුණු ශාකවලින් යුක්ත වියනක් මඟින් නිරන්තරයෙන් සෙවණ සහිත පරිසරයක් පැවතීම හා තෙතමනය රඳා පැවතීම,අත්‍යවශ්‍යය සාධකයක් වේ.නිසිලෙස පැසුණු කරඳමුංගු, එකින් එක අතින් නෙළාගත යුතුවන අතර කර්මාන්තශාලා තුළ වියළා අපනයනයට සකසනු ලබයි.ශ‍්‍රී ලංකාවේ පුඩිං වර්ග සහ වටලප්පන් රසවත් කිරීමට කරඳමුංගු විශේෂයෙන් යොදා ගනු ලබයි. ===කරාබු නැටි=== [[ගොනුව:Single clove on white paper.jpg|200px|right|thumb|කරාබු නැටි]] කරාබු නැටි ශාකය,ඔලිව් ශාකයට බෙහෙවින් සමාන බවක් දක්වයි.එහෙත් යම් වෙනසකට ඇත්තේ කරාබු නැටි ශාකයේ ශාකපත්‍ර ප්‍රමාණය බහුලවීමයි.Myrtaccae කුලයට අයත් Syzigium Aromaticium යන ජෛව විද්‍යාත්මක නාමය දරන කරාබු නැටිවල ,අස්වැන්න ලෙස නෙළාගනු ලබන්නේ එහි පොහොට්ටුය.තද දුඹුරු පැහැයක් වන තෙක් වියළාගත් මෙම කරාබු නැටි කුඩු වශයෙන් ද භාවිතා කරනු ලබයි.ආහාර පිසීමේදී කරාබු නැටිවලින් සුවඳවත් බව මෙන්ම ආහාර ජීර්ණය පහසු කරවීම ද බලාපොරොත්තු වේ.එමෙන්ම මුඛය අශ්‍රිත රෝග විශේෂයෙන් දත් කැක්කුම සඳහා විශිෂ්ට ඖෂධයක් වශයෙන්ද කරාබු නැටි භාවිතා කරනු ලබයි. ===සාදික්කා=== [[ගොනුව:Muskatnuss.jpg|200px|right|thumb|සාදික්කා]] ස්වරූපයෙන් සාදික්කා, වැල් දොඩම්වලට සමානවේ.වියළාගත් එහි බීජය සහ බීජ ආවරණය වීදුරු බෝලයකට සමාන වේ.Myristica Fragrans යන විද්‍යාත්මක නාම‍යෙන් හඳුන්වන සාදික්කා, Myristicaceae කුලයට අයත් ශාකයකි.වියළාගත් සාදික්කා බීජය මෙන්ම බීජ ආවරණය ද කුඩු වශයෙන්,කුළු බඩු වර්ගයක් ලෙස භාවිතා වේ. ===ගම්මිරිස්=== [[ගොනුව:Piper nigrum Dried fruits with and without pericarp - Penja Cameroun.jpg|200px|right|thumb|ගම්මිරිස්]] Piperraceae කුලයට අයත් Piper nigrum යන විද්‍යාත්මක නාම‍යෙන් හඳුන්වන ගම්මිරිස් ශාක, ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේ මෙන්ම වියළි කලාපයේ ද හොඳින් වගා කළ හැකි බෝගයකි.මනාව පැසුණු ගම්මිරිස් කරල් මඳ පවනේ වියළා ගැනීමෙන් කළු පැහැයකට පත්වන අතර කුඩු,කැබලි මෙන්ම ‍බීජ වශයෙන් ද ආහාරයට ගනු ලබයි.දේශීය මෙන්මවිදේශීය ආහාර වට්ටෝරු රසවත් කිරීමට ගම්මිරිස් අත්‍යවශ්‍ය කුළු බඩු වර්ගයක් බවට පත්ව ඇත. ==කුළු බඩු අපනයනය== ගුණාත්මක බවින් යුක්ත කුළු බඩු අපනයනය උදෙසා ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශයද කටයුතු කරනු ලබයි.විදේශීය වෙළඳපල තුළ තරඟකාරීත්වයට මුහුණදීම එහි අරමුණයි. ===කුළු බඩු අපනයනය කිරීමේ විධි=== වර්තමාන ශ‍්‍රී ලංකාවේ කුළු බඩු අපනයනය කිරීමේ ප්‍රධාන ආකාරයන් දෙකක් ඇත.එනම්, #ප්‍රාථමික ආකාරය #වටිනාකම එකතු කළ ආකාරය වශයෙනි. ප්‍රාථමික අපනයන ආකාරයේදී කුළු බඩු වර්ග මුල් ස්වරූපයෙන්ම අපනයනයට යොමු කරනු ලබයි.එහෙත් වටිනාකමඑකතු කළ ආකාරයෙන් අපනයනය කිරීමේදී කුඩු,තෙල්,කුළු බඩු මිශ්‍රණ හෝ විවිධ වට්ටෝරු වශයෙන් සකස්කර අපනයනයට යොමු කරනු ලබයි. ===ඇසුරුම්කරණය=== කුළු බඩු අපනයනය කිරීමේදී එහි ගුණාත්මක බව ඉතාඉහළින්තිබියයුතුවේ.මෙහිදී විශේෂයෙන්කුළු බඩුවල ස්වරූපය,රසය,සුවඳ ආදිය නිසිලෙස රැඳීතිබීම රැඳී තිබීම අත්‍යවශ්‍යවේ.පිරිසිදු,සෞඛ්‍යරක්ෂිත ක්‍රම මගින් ඇසුරුම්කරණය සිදුකරනු ලබයි.මෙහිදී හණ රෙදි වලින් නිෂ්පාදිත ජලය කාන්දු නොවන බහාලනවල කුළු බඩු ඇසුරුම් කිරීම ප්‍රචලිත ක්‍රමයකි.සාමාන්‍යයෙන් කුරුඳු මිටි වශයෙන් බැඳීම සිදුකරන අතර කරඳමුංගුවල වර්ණය සුරක්ෂිතකරගැනීම වෙනුවෙන් එය කළු පොලිතීන් ඇසුරුම් තුළ බහාලනු ලබයි. [[ගොනුව:Certified Organic Spices.jpg|thumb|200px|right|අපනයනය සඳහා ඇසුරුම්කළ කුළු බඩු]] ===විදේශ වෙළඳපල=== වර්තමානයේ ‍ජෛව ආහාර නිෂ්පාදන (Organic Products)එනම් තේ,කුළු බඩු වර්ග,කජු,වියළන ලද පොල්,ඖෂධ වර්ග, එළවළු සහ පළතුරුවලට විදේශීය වෙළඳපලෙහි ඉතා ඉහළ ඉල්ලුමක් ඇත. ශ‍්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය මගින් මෙම ඉල්ලුම හඳුනාගෙන කුළු බඩු වර්ග අපනයනය දිරිමත් කිරීමට කටයුතු කරඇත.විශේෂයෙන්ඇමරිකාඑක්සත් ජනපදය,එක්සත් රාජධානිය,ජර්මනිය,ඉන්දියාව,මෙක්සිකෝ,කොලොම්බියා,ඕස්ට්‍රේලියා,ජපානය,ඉතාලිය වැනි රටවලට කුළු බඩු අපනයනය කිරීම බහුලව සිදුකරනු ලබයි. ===සංචාරක කර්මාන්තය සහ ග්‍රාමීය ආර්ථිකය=== ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා කුළු බඩුවලින් මනා දායකත්වයක් ලැබේ.විශේෂයෙන්සංචාරකයින් ආකර්ෂණය කරගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල කුළු බඩු වගා කිරීමේ උද්‍යාන නිර්මාණය කර තිබේ.එය කෘෂි- සංචාරක කර්මාන්තය(Agro - Tourism)යනුවෙන් හඳුන්වනු ලැබේ.එමෙන්ම කුළු බඩු වර්ග වගා කිරීම ග්‍රාමීය ප්‍රදේශවල ජනයාගේ ආර්ථික තත්වය ඉහළ නැංවීමටද දායකවී තිබේ.එනම් වාර්ෂිකව රුපියල් මිලියන 5700 ක කුළු බඩු නිෂ්පාදනයක් ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වේ.එමගින් ග්‍රාමීය ජනතාවගේ සමාජ- ආර්ථික ප්‍රතිලාභයන්ද ඉහළ නැංවීම සිදුවේ. == පිංතූර ගැලරිය == <gallery> Image:Curry patta.JPG|කරපිංචා, ශ්‍රී ලංකාවේ ආහාර රසවත් කිරීමට බහුලව යොදාගනු ලබන කුළු බඩු වර්ගයකි. Image:Koriander-spice.jpg|කොත්තමල්ලි,ඖෂධ වර්ගයක් මෙන්ම ආහාර රසවත් කිරීමට යොදාගන්නා කුළු බඩු වර්ගයක් ද වේ. Image:Pfeffer-Gewürz.jpg|ගම්ම්රිස්,සුදු ගම්ම්රිස් සහ කළු ගම්ම්රිස් වශයෙන් භාවිතා වේ. Image:Gingembre.jpg|ඉඟුරු, ඖෂධ වර්ගයක් මෙන්ම ආහාර රසවත් කිරීමට යොදාගන්නා කුළු බඩු වර්ගයක් ද වේ.ආහාරයට මනා සුවඳක් එක් කරයි. Image:Garlic.jpg|සුදුළූණු,ශ්‍රී ලංකාවේ ආහාර රසවත් කිරීමට බහුලව යොදාගනු ලබන කුළු බඩු වර්ගයකි. Image:Clove trees.JPG|කරාබුනැටි ශාකයකි. Image:Myris fragr Fr 080112-3290 ltn.jpg|සාදික්කා ශාකයකි.ඉදුණු සාදික්කා ස්වරූපයෙන් වැල් දොඩම්වලට සමාන වේ. Image:Cardomom plant.JPG|කරඳමුංගු ශාකයකි.ඉඟුරු ශාකයට බෙහෙවින් සමානය.පඳුරක් ලෙස වර්ධන‍ය වේ. Image:Elettaria cardamomum2.jpg|වියළාගත් කරඳමුංගු Image:Spicy.jpg|අපනයනය සඳහා සකස් කුළු බඩු Image:Lanka-chilies.jpg|වියළි මිරිස් Image:Renaissance Sri-Lanka-Food- 1.JPG|ශ්‍රී ලංකාවේ කුළු බඩු යොදා පිළියෙළ කරගත් ආහාර වේලකි. | </gallery> == මූලාශ්‍ර == {{Reflist}} == බාහිර සබැඳි == * [http://www.srilankabusiness.com/trade_info/srilankaproduct/spices.htm Sri Lankan Products] {{Webarchive|url=https://web.archive.org/web/20080515231959/http://www.srilankabusiness.com/trade_info/srilankaproduct/spices.htm |date=2008-05-15 }} * [http://news.bbc.co.uk/2/shared/spl/hi/picture_gallery/07/south_asia_sri_lanka0s_spice_of_life/html/1.stm Spices of Life] * [http://www.mysrilankaholidays.com/spice-island.html Spice Island] [[Category:කුළු බඩු]] [[Category:ආර්ථිකය - ශ‍්‍රී ලංකා]] o8n7dfyxcylz6tdg1m66y33akhwt4kw තාරකා වාසලමුදලිආරච්චි 0 16724 797584 795927 2026-08-11T04:47:19Z CommonsDelinker 157 [[:c:COM:NETCOPYRIGHT|Copyright violation]], found elsewhere on the web and unlikely to be own work ([[:c:COM:CSD#F1|F1]]): Recreated, third deletion., හේතුව ලෙස දක්වා [[c:User:Shaan Sengupta|Shaan Sengupta]] විසින් [[c:File:Tharaka_Wasalamudaliarachchi.j 797584 wikitext text/x-wiki {{POV|date=ජූලි 2026}}{{Infobox person | name = තාරකා වාසලමුදලිආරච්චි | image = | caption = Tharaka Wasalamudaliarachchi in 2024 | birth_date = October 18, 1973 | other_names = Tharu Queen | occupation = Author | years_active = 1989 - | organization = Tharu Queen Productions | known_for = සිංහල සාහිත්‍ය | notable_works = කළු (book), හෙළිදරව්ව (tv series) | height_m = 1.57 | television = හෙළිදරව්ව, චරිත, පෙරවදන | spouse = චන්දන සූරියබණ්ඩාර | website = https://tharakawasalamudaliarachchi.com/ }} '''තාරකා වාසලමුදලිආරච්චි''' ({{බස-en|Tharaka Wasalamudaliarachchi}}; උපත: 1973 ඔක්තෝබර් 18) යනු ශ්‍රී ලාංකික කතුවරියක, මාධ්යවේදිනියක, නිළියක, ගීත රචිකාවක ය. == මුල් ජීවිතය සහ අධ්‍යාපනය == තාරකා වාසලමුදලිආරච්චි උපත ලැබුවේ [[Journalism|මාධ්‍යවේදියෙකු]] සහ [[ආර්ථික විද්‍යාව|ආර්ථික විද්‍යා]] ගුරුවරයෙකු වූ අතුල සෙනාරත්න මහතාට සහ බැංකු කළමනාකාරිනියක ලෙස සේවය කළ [[අම්මා|මවකට]] දාව ය.<ref>https://en.everybodywiki.com/Tharaka_Wasalamudaliarachchi</ref> ඇගේ පියා මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ [[ආර්ථික විද්‍යාව]] ඉගැන්වූ අතර, ඔහු සමඟ ඇය ඉතා සමීප සබඳතාවක් පැවැත්වූ බව කියවේ. ඇගේ කුඩා අ වධියේදී, එනම් 1980 වසරේදී ඔහු මියගිය අතර, එම සිදුවීම ඇගේ මුල් ජීවිතයට දැඩි බලපෑමක් ඇති කළේය. පියාගේ අභාවයෙන් පසු ඇය හැදී වැඩුණේ ඇගේ මව යටතේ ය. මාතර ග්‍රාමීය ප්‍රදේශයක හැදී වැඩුණු ඇය දෙයියන්දර මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ පල්ලෙවෙල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර, පසුව මාතර ශාන්ත තෝමස් බාලිකා උසස් විද්‍යාලයට ඇතුළත් වූවාය.<ref>{{Citation |title=සංරක්ෂිත පිටපත |url=https://tharakawasalamudaliarachchi.com/eduation/ |access-date=2026-04-13 |archive-date=2026-04-25 |archive-url=https://web.archive.org/web/20260425214433/https://tharakawasalamudaliarachchi.com/eduation/ }}</ref> == වෘත්තීය == පාසල් කාලයේ සිටම ඇය විවිධ [[සාහිත්‍යය|සාහිත්‍ය]] හා කලා කටයුතුවල නිරත වූවාය. පසුකාලීනව ඇය ලේඛන කලාවට යොමු වීමට එය ප්‍රධාන හේතුවක් වූ අතර, මාතර සිට කොළඹට පැමිණීමෙන් පසු ඇය [[පුවත්පත්]] කලාවේදිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. එහිදී ඇය Capital Maharaja ආයතනය මගින් නිකුත් කරන ලද "TV Sri Lanka" රූපවාහිනී සඟරාවේ සහය සංස්කාරකවරිය ලෙස කටයුතු කළාය. === හෙළිදරව්ව === 2000 සිට 2001 දක්වා කාලය තුළ ඇය ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ "හෙළිදරව්ව" නම් ගවේෂණාත්මක වාර්තා වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළාය.<ref>https://www.imdb.com/title/tt40769189/?ref_=nm_knf_c_3</ref> එම වැඩසටහන සුමති සම්මාන උළෙලේදී හොඳම ගවේෂණාත්මක වැඩසටහන සඳහා වන සම්මානය දෙවරක් දිනා ගැනීමට<ref>https://www.sumathiawards.lk/sumathi-awards-winners.php</ref> සමත් විය. මාධ්‍ය ක්ෂේත්‍රයට ඇය දක්වන ලද දායකත්වය අගය කරමින් 2006 වසරේදී ඇයට HSBC JCP TOYP සම්මානය හිමි විය.<ref>https://lankapage.wordpress.com/2006/09/22/hsbc-jci-toyp-awards-2006-%e2%80%93-recognises-greatness-in-young-sri-lankansvia/</ref> [[ගොනුව:Helidarawwa (Behind The Scenes).jpg|alt=හෙලිදරව්ව (2000 - 2001)|thumb|හෙලිදරව්ව (තිරය පිටුපස)]] === '''පිපි පියුම්''' === වාසලමුදලිආරච්චි සිය රංගන ජීවිතය ආරම්භ කළේ 2006 වසරේ විකාශය වූ ''"පිපි පියුම්"'' ටෙලිනාට්‍යයෙනි.<ref>https://www.imdb.com/name/nm18313789/?ref_=tt_cst_t_1</ref> එහි ඇය [[සාරංග දිසාසේකර]] සමඟ "නිකිණි මල්වැන්න" නම් චරිතය නිරූපණය කළාය. මෙම ටෙලිනාට්‍යය ප්‍රේමකුමාර ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර එහි [[තිර රචනය]] සුමිත්‍රා රාහුබද්ධගෙනි.<ref>https://sundaytimes.lk/070311/TV/004tv.html</ref> එය 2006 වසරේදී [[ස්වර්ණවාහිනී]] නාලිකාව ඔස්සේ විකාශය විය. මෙහි තාරකා විසින් නිරූපණය කළේ පාදවල [[ආබාධිත තත්ත්‍ව|ආබාධිත තත්ත්වයකින්]] පෙළෙන "නිකිණි මල්වැන්න" නම් යුවතියගේ චරිතයයි. [[ආදරය|ආදරණීය]] මෙන්ම ශෝකජනක කතාවක් වූ මෙම නිර්මාණය, නිළියක ලෙස තාරකාගේ නාමය ජනප්‍රිය වීමට බෙහෙවින් ඉවහල් විය.<ref>https://www.imdb.com/title/tt40833202/?ref_=nm_knf_c_2</ref> === '''උඩු වියන්''' === 2007 වසරේදී ඇය ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ ''"උඩු වියන්"'' ටෙලිනාට්‍යයේ "ඉෂාදි විජේවර්ධන" නම් චරිතය නිරූපණය කළාය. එහිදී ඇය බිමල් ජයකොඩි විසින් රඟපෑ නවකතාකරුවෙකුගේ බිරිඳ ලෙස ප්‍රධාන රංගනයෙන් දායක වූවාය.<ref>https://archives.dailynews.lk/2009/07/08/art13.asp</ref> === '''චරිත''' === ඇය ''"චරිත"'' නමින් නව රූපවාහිනී වැඩසටහනක් ආරම්භ කළ අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ චරිත කෙරෙහි අවධානය යොමු කළ වැඩසටහනක් විය. මෙම වැඩසටහන 2007 වසරේදී '''"හොඳම වාර්තා වැඩසටහන"'''<ref>https://www.sumathiawards.lk/sumathi-awards-winners.php</ref> සඳහා වන සුමති සම්මානය දිනාගත් අතර, එම වසරේම "'''හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නිය"''' සම්මානය සඳහා ද නිර්දේශ විය.<ref>https://www.imdb.com/title/tt40789863/?ref_=nm_flmg_job_1_accord_1_cdt_t_7</ref> {| class="wikitable" |+ !'''වැඩසටහන''' !කථාංගය !විශේෂ අමුත්තා !කථාංගය !විශේෂ අමුත්තා |- |'''''චරිත''''' |S1. E1 |[[හෙන්රි ජයසේන]] |S2. E1 |චින්තන ගීතාල් විදානගේ |- |'''''චරිත''''' |S1. E2 |[[සුනිල් එදිරිසිංහ]] |S2. E2 |කුලසිරි බුදවත්ත |- |'''''චරිත''''' |S1. E3 |[[සබීතා පෙරේරා]] |S2. E3 |කුසුමා කරුණාරත්න |- |'''''චරිත''''' |S1. E4 |[[වසන්ති චතුරානි]] |S2. E4 |[[ධර්මසිරි බණ්ඩාරනායක]] |- |'''''චරිත''''' |S1. E5 |[[ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ]] |S2. E5 |ආචාර්ය අජන්තා රණසිංහ |- |'''''චරිත''''' |S1. E6 |[[සුසන්තිකා ජයසිංහ]] |S2. E6 |ෆේරියල් අෂ්රොෆ් |- |'''''චරිත''''' |S1. E7 |[[ජේ. බී. දිසානායක|ජේ.බී. දිසානායක]] |S2. E7 |[[එස්. බී. දිසානායක]] |- |'''''චරිත''''' |S1. E8 |[[ප්‍රසන්න විතානගේ]] |S2. E8 |[[නන්දා මාලනී|නන්දා මාලිනී]] |- |'''''චරිත''''' |S1. E9 |[[මාලිනී ෆොන්සේකා]] |S2. E9 |රාජිත සෙල්වනායගම් |- |'''''චරිත''''' |S1. E10 |දයාන් විතාරණ |S2. E10 |[[රඹුකන සිද්ධාර්ථ හිමි|රඹුක්කන සිද්ධාර්ථ හිමි]] |- |'''''චරිත''''' |S1. E11 |[[ලතා වල්පොල]] |S2. E11 |[[අනෝජා වීරසිංහ]] |- |'''''චරිත''''' |S1. E12 |[[කරු ජයසූරිය]] |S2. E12 |සුමිත්‍රා රාහුබද්ධ |- |'''''චරිත''''' |S1. E13 |[[ටෝනි රණසිංහ]] |S2. E13 |ෂෙල්ටන් ප්‍රේමරත්න |- |'''''චරිත''''' |S1. E14 |[[සුනිල් ආරියරත්න]] |S2. E14 |[[ජයන්ත චන්ද්‍රසිරි]] |- |'''''චරිත''''' |S1. E15 |[[සරත් අමුණුගම]] |S2. E15 |[[පරාක්‍රම කොඩිතුවක්කු]] |- |'''''චරිත''''' |S1. E16 |[[එච්. ඩී. ප්‍රේමරත්න|එච්.ඩී. ප්‍රේමරත්න]] |S2. E16 |[[හරේන්ද්‍ර ද සිල්වා]] |- |'''''චරිත''''' |S1. E17 |[[සනත් ජයසූරිය]] |S2. E17 |[[ඩී. බී. නිහාල්සිංහ|ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ]] |- |'''''චරිත''''' |S1. E18 |[[මාදුළුවාවේ සෝභිත හිමි]] |S2. E18 |චන්ද්‍රා ප්‍රනාන්දු |- |'''''චරිත''''' |S1. E19 |[[ප්‍රේමසිරි කේමදාස]] |S2. E19 |[[වසන්ත ඔබේසේකර]] |- |'''''චරිත''''' |S1. E20 |[[විජේරත්න වරකාගොඩ]] |S2. E20 |[[ශේෂා පළිහක්කාර|ශේෂා පලිහක්කාර]] |- |'''''චරිත''''' |S1. E21 |[[ලෙස්ටර් ජෙම්ස් පීරිස්|ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්]] |S2. E21 |[[අයිරාංගනි සේරසිංහ|අයිරාංගනී සේරසිංහ]] |- |'''''චරිත''''' |S1. E22 |[[මිරැන්ඩා හේමලතා]] |S2. E22 |මාලිනී වීරමුණි [[නාමෙල් වීරමුණි]] |- |'''''චරිත''''' |S1. E23 |[[සුමිත්‍රා පීරිස්]] |S2. E23 |තිස්ස කාරියවසම් |- |'''''චරිත''''' |S1. E24 |[[එඩ්වින් ආරියදාස]] |S2. E24 |A.D. රංජිත් කුමාර |- |'''''චරිත''''' |S1. E25 |[[සෝමබන්ධු විද්‍යාපති]] රවිබන්ධු විද්‍යාපති |S2. E25 |කුමාර් රූපසිංහ |- |'''''චරිත''''' |S1. E26 |සෑම් විජේසිංහ |S2. E26 |[[කේ. ජයතිලක]] |- |'''''චරිත''''' |S1. E27 |[[සිබිල් වෙත්තසිංහ]] |S2. E27 |[[සනත් නන්දසිරි]] |- |'''''චරිත''''' |S1. E28 |[[අරිසෙන් අහුබුදු]] |S2. E28 |ගාමිණී වේරගම |- |'''''චරිත''''' |S1. E29 |[[වජිරා චිත්‍රසේන]] |N/A |N/A |- |'''''චරිත''''' |S1. E30 |K.A.W. පෙරේරා |N/A |N/A |} === අන්දරමංඩිය === [[ගොනුව:Tharaka Wasalamudaliarachchi signing books for a fan.jpg|thumb|330x330පික්|තාරක වාසලමුදලිආරච්චි රසිකයෙකුට පොත් අත්සන් කරමින්]]''අන්දරමංඩිය'' යනු 2001 වසරේදී තාරකා වාසලමුදලිආරච්චි විසින් රචනා කරන ලද ශ්‍රී ලාංකීය නවකතාවකි. ගුණසේන ප්‍රකාශකයින් විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙය, කතුවරයාගේ මංගල කෘතිය ලෙස සැලකේ. කතාව ගෙතී ඇත්තේ දුර බැහැර ගමක පිහිටි '''''<nowiki/>'අන්දරමංඩිය'''''' නම් කුඩා වැවක් වටා ය. එම වැව ප්‍රජාවගේ කෘෂිකාර්මික කටයුතු සහ දෛනික ජීවිතය පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. වැව මත යැපෙන ගම්වැසියන්ගේ ජීවනෝපාය සහ ස්වභාවික සම්පත් හා ග්‍රාමීය පැවැත්ම අතර ඇති සබඳතාවය මෙම කතාවෙන් නිරූපණය වේ. ගමට බලපාන විනාශකාරී ගංවතුරක් වටා මෙහි කතා පුවත ගොඩනැඟී ඇත. මෙම ව්‍යසනය හුදෙක් ස්වභාවික සිදුවීමක් ලෙස පමණක් ඉදිරිපත් කරනවා වෙනුවට, ප්‍රාදේශීය වාරිමාර්ග බලධාරීන් තුළ පවතින දූෂණය, අකාර්යක්ෂම කළමනාකරණය සහ නොසලකා හැරීම වැනි මානුෂීය සාධක නිසා එය සිදු වූ බව නවකතාව පෙන්වා දෙයි. වැවේ පාරිසරික සමතුලිතතාවය බිඳ වැටීම ද මෙම අර්බුදයට දායක වූ හේතුවක් ලෙස නිරූපණය කර ඇත. ගම සහ එහි වැසියන් නිරූපණය කිරීම තුළින්, අන්දරමන්දිය නවකතාව මඟින් පාරිසරික අවදානම, ආයතනික වගවීම සහ පද්ධතිමය අසාර්ථකත්වයන් ග්‍රාමීය ප්‍රජාවන්ට බලපාන ආකාරය වැනි තේමාවන් සාකච්ඡා කරනු ලබයි.<ref>https://www.goodreads.com/author/show/3022091._</ref> === දෙහි === “දෙහි” යනු මොනරාගල දුෂ්කර ප්‍රදේශවල දෙහි වගා කරමින් තම ජීවිකාව ගෙන යන ගොවීන්ගේ දුෂ්කර ජීවිතය පාදක කරගනිමින් ලියැවුණු කෘතියකි. මෙම පොත 2006 වසරේදී සරසවි ප්‍රකාශකයින් විසින් ප්‍රකාශයට පත් කරන ලදී.<ref>https://www.goodreads.com/book/show/17616781</ref> === මැටි === ''“මැටි”'' යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටි දුෂ්කර ගම්මානයක් වටා ගෙතුණු කෘතියකි. අතීතයේදී මෙම ගම්මානයේ ජීවිතය සම්ප්‍රදායන්, සරල ජීවනෝපායන් සහ ප්‍රජාව අතර පැවති දැඩි සහයෝගිතාවය මත පදනම් විය. ගැමියන් තමන්ටම ආවේණික වූ ප්‍රාදේශීය උපභාෂාවකින් කතා කළ අතර පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ සිරිත් විරිත් අනුගමනය කළහ. ඔවුන්ගේ ලෝකය හැඩගැසුණේ සමාජ අනුපිළිවෙල සහ කුල ක්‍රමය පිළිබඳ දැඩි විශ්වාසයන් මතය. 1977 දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් සමඟ වේගවත් ආර්ථික හා සංස්කෘතික වෙනස්කම් ඇති විය. මෙම දුරස්ථ ගම්මානයට පවා එම බලපෑමෙන් මිදීමට නොහැකි විය. නව ජීවන රටාවන්ට, නව සාරධර්මවලට සහ සම්ප්‍රදායට වඩා මුදලට මුල්තැන දෙන ක්‍රමයකට අනුගත වීමට ජනතාවට සිදු විය. කෙසේ වෙතත්, ආර්ථිකය වෙනස් වුවද සමාජ ආකල්ප වෙනස් නොවීය. කුල භේදය දෛනික ජීවිතය තුළ තවදුරටත් තදින් මුල් බැස තිබුණි. "ඉහළ කුලවල" යැයි සලකනු ලැබූ අය "පහත් කුලවල" පුද්ගලයන්ට පහත් අයුරින් සැලකීම දිගටම කරගෙන ගියහ. මෙම අසමානතාවය කුඩා ඉරියව්වලින් පවා මනාව දිස් විය; පහත් කුලයක පුද්ගලයෙකු උසස් කුලයක නිවසකට පැමිණි විට, ඔවුන්ට වාඩි වීමට පුටුවක් වෙනුවට බංකුවක් ලබා දෙන ලදී. එය සමාජයේ ඔවුන්ගේ ස්ථානය පිළිබඳව නිහඬව මතක් කර දීමක් විය. මෙම කතාව මඟින් නවීකරණය සහ අගතිගාමී ආකල්ප අතර සිරවී ඇති ගම්මානයක ස්වරූපය නිරූපණය කරන අතර, එහිදී ආර්ථික ප්‍රගතියට වසර සිය ගණනක් පැරණි බෙදීම් මකා දැමීමට නොහැකි වූ ආකාරය පෙන්වා දෙයි. මෙම පොත 2007 වසරේදී '''සරසවි ප්‍රකාශකයින්''' විසින් ප්‍රකාශයට පත් කරන ලදී.<ref>https://www.goodreads.com/book/show/6711412</ref> === කළු === තාරකා වාසලමුදලිආරච්චි වෘත්තීය මට්ටමේ ලේඛකයෙකු ලෙස ස්ථාවර කළ කෘතිය වන්නේ ''"කළු"'' ය. මානසික සෞඛ්‍යය සහ මානසික රෝගීන් මුහුණ දෙන සමාජ අපවාදය (Social Stigma) පිළිබඳව මෙම කෘතියෙන් මනාව සාකච්ඡා කෙරේ. මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක (Psychological Thriller) ගණයට අයත් වන මෙම නවකතාව, භින්නෝන්මාදය (Schizophrenia) රෝගයෙන් පෙළෙන බවට හඳුනාගැනීමෙන් පසු වසර ගණනාවක් මානසික රෝහලක් තුළ ජීවත් වන 'චේති' නම් කාන්තාවගේ ජීවිතය වටා ගෙතී ඇත.<ref>https://www.goodreads.com/book/show/15765794</ref> කතාව වැඩි වශයෙන් දිග හැරෙන්නේ රෝහල් පරිශ්‍රය තුළ වුවද, කතාවේ සැබෑ ගැඹුර සැඟව ඇත්තේ චේතිගේ මනස අභ්‍යන්තරයේය. 2009 වසරේදී '''සරසවි ප්‍රකාශකයින්''' විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතිය බොහෝ පාඨක හදවත් දිනාගත් අතර 2010 වසරේ '''ස්වර්ණ පුස්තක සම්මානය''' සඳහා ද නිර්දේශ විය. "කළු" නවකතාව ශ්‍රී ලාංකීය සාහිත්‍යය තුළ මානසික සෞඛ්‍යයේ බැරෑරුම් සහ කටුක යථාර්ථය විමර්ශනය කළ මුල්ම නවකතාවලින් එකක් ලෙස සැලකේ. === '''ඇස්''' === ''“ඇස්”'' නවකතාව 2014 වසරේදී සරසවි ප්‍රකාශකයින් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙය ශ්‍රී ලාංකීය සාහිත්‍යය තුළ "දේශගුණික ප්‍රබන්ධ" (Climate Fiction) සඳහා හමුවන මුල්ම උදාහරණයකි. මෙම කෘතිය ශ්‍රී ලාංකීය සාහිත්‍යයට එක් වූ අගනා මැණිකක් ලෙස ඇගයීමට ලක් වූ අතර, වෙනත් කිසිදු ලේඛකයෙකු ස්පර්ශ කිරීමට මැලි වූ විෂය පථයන් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. “ඇස්” නවකතාව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ සොබාදහම සහ පරිසරය කෙරෙහි වන අතර, මිනිස් ක්‍රියාකාරකම් මගින් එය ක්‍රමයෙන් විනාශ කරන ආකාරය මෙහි නිරූපණය වේ. ලෝකය තමන්ට උදව් අවශ්‍ය බවට පැහැදිලි සලකුණු පෙන්වමින් සිටියද, මිනිසුන් බොහෝ විට මෙම ගෝලීය උණුසුම් වීමේ සලකුණු නොසලකා හරිමින් නොසලකා ජීවත් වන බවට ප්‍රබල පණිවිඩයක් මෙම කෘතියෙන් ලබා දෙයි. මෙම නවකතාව '''"මැඩි න්‍යාය" (Frog Theory)''' පිළිබිඹු කරයි. එම න්‍යායෙන් පැහැදිලි කෙරෙන්නේ, මැඩියෙකු සෙමින් රත් වන වතුර භාජනයක තැබුවහොත්, ප්‍රමාද වැඩි වන තුරුම ඌට අනතුරක් දැනෙන්නේ නැති බවයි. ඒ හා සමානව, පරිසර විනාශය ඉතා සෙමින් සිදුවන බැවින් මිනිසුන්ට එය හඳුනා ගැනීමට නොහැකි වී ඇත. මිනිස් නොසලකා හැරීම කෙතරම් භයානක විය හැකිද යන්න පෙන්වීමට කතුවරිය මෙම සංකල්පය භාවිතා කරයි. “ඇස්” කෘතියේ ඇති තවත් වැදගත් කරුණක් වන්නේ තාරක වාසලමුදලියාරච්චිගේ ලේඛන දිවියේ සිව්වසරක විවේකයකින් පසු මෙය රචනා වීමයි. ඇය ''අන්දරමන්දිය'', ''දෙහි'' සහ ''මැටි'' වැනි නවකතා හරහා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ සාමාන්‍ය ජනතාව සහ ග්‍රාමීය ප්‍රජාවන් පිළිබඳවයි. ''කළු'' නවකතාවෙන් මානසික සෞඛ්‍යය සහ රෝගීන් මුහුණ දෙන සමාජ අපවාදය ගැන කතා කළාය. කෙසේ වෙතත්, “ඇස්” කෘතිය හරහා ඇය සිය අවධානය ඉහළ පැලැන්තියේ (Upper Class) ජනතාව සහ ඔවුන් මුහුණ දෙන අභියෝග වෙත යොමු කරයි. උසස් සමාජයේ සාමාජිකයන් අතර පවතින බිඳෙනසුලු පවුල් සබඳතා ද මෙම නවකතාව හරහා ගවේෂණය කෙරේ. සෑම කෘතියකින්ම එකිනෙකට වෙනස් වූත්, අනන්‍ය වූත් කතා නිර්මාණය කරන ලේඛිකාවක් ලෙස ඇයව කැපී පෙනෙන්නේ මේ හේතුවෙනි. === '''පාට''' === තාරක වාසලමුදලියාරච්චිගේ ලේඛන ජීවිතයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ “පාට” කෘතියයි. මෙම පොත '''[[මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය|එච්.අයි.වී/ඒඩ්ස්]] [[ඒඩ්ස්|(HIV/AIDS)]]''' විෂය පථය තේමා කරගනිමින් රචනා වී ඇත. එය එච්.අයි.වී ආසාදිත දැරියකගේ සැබෑ ජීවන පුවතක් අනුසාරයෙන් ලියැවුණු කතාවකි. එච්.අයි.වී සමඟ ඇයට ගත කිරීමට සිදුවන ජීවිතයත්, එවැනි රෝගියෙකු ලෙස ඇය සමාජයෙන් එල්ල වන අපවාදයන්ට (Social Stigma) මුහුණ දෙන ආකාරයත් මෙම කෘතියෙන් මනාව නිරූපණය වේ. මෙම පොත 2016 වසරේදී '''සරසවි ප්‍රකාශකයින්''' විසින් ප්‍රකාශයට පත් කරන ලදී. === ඉන්ද්‍රචාප === ''“ඉන්ද්‍රචාප”'' යනු 2014 වසරේදී සරසවි ප්‍රකාශකයින් විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රේමනීය හාස්‍යෝත්පාදක (Romantic Comedy) ගණයේ කෘතියකි. බොහෝ දෙනා සිතන්නේ ප්‍රේමය යනු තරුණ අයට පමණක් සීමා වූවක් බවයි. එහෙත් ප්‍රේමය යනු ඊට වඩා බොහෝ ගැඹුරු දෙයක් බව මෙම පොත පෙන්වා දෙයි. අන්ධකාරය මැද පිපෙන මලක් මෙන්, ආදරයට පුද්ගලයෙකුගේ ජීවිතයට ආලෝකය ගෙන ඒමට හැකියාව ඇත. දෙදෙනෙකු අතර ඇති වන සැබෑ ආදරය යනු හුදෙක් රොමෑන්තික හැඟීමක් පමණක් නොව, එය අවබෝධය, කරුණාව සහ සැලකිල්ල මත පදනම් වූ මානුෂීය බැඳීමක් බව මෙම කතාවෙන් පැහැදිලි කරයි. === ගුරු === ''“ගුරු”'' යනු ගුරුවරුන්ගේ ජීවිත සහ ඔවුන් සතු නිහඬ ශක්තිය පිළිබඳව මෘදු ලෙස ගවේෂණය කරන කෘතියකි. පරම්පරාවන් හැඩගස්වන බලවේගය ලෙසත්, මඟපෙන්වන්නන් සහ උපදේශකයන් ලෙසත් ගුරුවරුන් සතු සැබෑ වැදගත්කම මෙම කතාවෙන් ඉතා අලංකාර ලෙස අපට මතක් කර දෙයි. මෙම පොත 2019 වසරේදී '''සරසවි ප්‍රකාශකයින්''' විසින් ප්‍රකාශයට පත් කරන ලදී. === කාසි === "කාසියකට හදවතක් නැත, කාසියකට ඇස් නැත, කාසියකට කතා කළ නොහැක, ඇත්තටම කාසියකට කළ හැක්කේ කුමක්ද? නමුත්... කාසියකට කතා කළ හැකි නම්?" මෙම අපූරු තේමාව රැගත් කෘතිය 2021 වසරේදී '''සරසවි ප්‍රකාශකයින්''' විසින් ප්‍රකාශයට පත් කරන ලදී. === '''“නීල නිම්න”''' === ''“නීල නිම්න”'' යනු “ඉන්ද්‍රචාප” කෘතියේ චරිතයන්ම යොදාගනිමින් ලියැවුණු ප්‍රේමනීය හාස්‍යෝත්පාදක (Romantic Comedy) නවකතාවකි. එම චරිත තම සතුට සහ එකිනෙකා කෙරෙහි වූ ආදරය සාක්ෂාත් කරගත් ආකාරය මෙහි නිරූපණය වේ. මෙම පොත 2023 වසරේදී '''සරසවි ප්‍රකාශකයින්''' විසින් ප්‍රකාශයට පත් කරන ලදී. තාරක වාසලමුදලියාරච්චි අදටත් ක්‍රියාකාරී ලේඛිකාවක ලෙස සිය සාහිත්‍ය නිර්මාණකරණයේ නියැලී සිටියි. === සංගීත වෘත්තිය === තාරක වාසලමුදලියාරච්චි 2000 දශකයේ මුල් භාගයේ සිට 2018 දක්වා කාලය තුළ ටෙලිනාට්‍ය තේමා ගීත සහ විවිධ ගායන ශිල්පීන්ගේ ගීත සඳහා පද රචනයෙන් දායක වූවාය. පසුව ඇය ගීත රචනයෙන් වසර දෙකක විරාමයක් ලබා ගත් අතර, එම කාලය තුළ ඇයගේ සාහිත්‍යමය කටයුතු (පොත් ලිවීම) කෙරෙහි පූර්ණ අවධානය යොමු කළාය.<ref>https://open.spotify.com/artist/448xhU8v5osRW6fejGQsXz?si=myRQasoCTx60QXHiCiMgHg</ref> 2021 වසරේදී තාරකා '''“තනි මලක්”''' ගීතය නිකුත් කළාය. ඉන්පසුව 2022 වසරේදී '''“මේ ආදරේ මං”''' ගීතය නිකුත් කරමින් ඇය නැවතත් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වූවාය. ඇය තම සංගීත කටයුතු සඳහා '''''“Tharu Queen”''''' යන වේදිකා නාමය භාවිතා කිරීමට පටන් ගත්තාය. 2026 වසරේදී ඇය '''“මේ දුර බැඳි මායිම”''', '''“ගසින් ගසින්”''', '''“King Khan”''' සහ '''“Dilon Ka Raja”''' ඇතුළු ගීත කිහිපයක්ම නිකුත් කළාය.<ref>{{Citation |title=සංරක්ෂිත පිටපත |url=https://tharakawasalamudaliarachchi.com/contact-2/ |access-date=2026-04-13 |archive-date=2026-04-19 |archive-url=https://web.archive.org/web/20260419234348/https://tharakawasalamudaliarachchi.com/contact-2/ }}</ref> {| class="wikitable" |+ !ගීත !වර්ගය !තනතුර !අවුරුද්ද |- |''V Awards 2011'' |සම්මාන සංදර්ශන තේමා ගීතය |ගී පද |2001 |- |රත්තරන් හීනයේ |ටෙලි නාට්‍ය තේමා ගීතය |ගී පද |2016 |- |''අභිමානී'' |රූපවාහිනී නාලිකා තේමා ගීතය |ගී පද |2010 |- |''සිහින කිරුළ'' |තේමා ගීතය |ගී පද |2012 |- |සිරස ලක්ෂපති |සිරස ලක්ෂපති තේමා ගීතය |ගී පද |2009 |- |විහඟ තුඩක |ටෙලි නාට්‍ය තේමා ගීතය |ගී පද |2012 |- |හිත මාගේ ආලවන්තයි |ටෙලි නාට්‍ය තේමා ගීතය |ගී පද |2012 |- |පාන් බට්ටා |ටෙලි නාට්‍ය තේමා ගීතය |ගී පද |2009 |- |ආදරේ අහස තරම් |ටෙලි නාට්‍ය තේමා ගීතය |ගී පද |2013 |- |''උඩු වියන්'' |ටෙලි නාට්‍ය තේමා ගීතය |ගී පද |2007 |- |ගැහැනු ළමයි |ටෙලි නාට්‍ය තේමා ගීතය |ගී පද |2009 |- |ගිම්හාන සිහිනේ |ගීතය |ගී පද |2018 |- |තනි මලක් |ගීතය |ගායනය |2021 |- |''මේ ආදරේ මන්'' |ගීතය |ගායනය හා ගී පද |2022 |- |මේ දුර බැඳි මායිම |ගීතය |ගී පද හා සංගීතය |2026 |- |ගසින් ගසින් |ගීතය |සංගීතය |2026 |- |Dilon Ka Raja |ගීතය |සංගීතය |2026 |- |King Khan |ගීතය |සංගීතය |2026 |} <references responsive="" /> 2wq25kel2xxydn8q8rz40ky7g5x2wxw පානදුර 0 27770 797581 793298 2026-08-10T22:06:12Z ~2026-43843-50 80463 /* ඉතිහාසය */ කුඩා වැරදි නිවැරදි කිරීමකි. 797581 wikitext text/x-wiki {{තොරතුරුකොටුව ජනාවාසය |official_name = පාණදුර |image_skyline = |image_caption = |image_flag = |image_seal = |image_map = |map_caption = |pushpin_map = Sri Lanka |coordinates_region = LK |subdivision_type = [[රට]] |subdivision_name = [[ශ්‍රි ලංකාව]] |subdivision_type1= පළාත |subdivision_name1= [[බස්නාහිර පළාත]] |subdivision_type2 = [[ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක|දිස්ත්‍රික්කය]] |subdivision_name2 = [[කළුතර දිස්ත්‍රික්කය]] |leader_title = |leader_name = |leader_title1 = |leader_name1 = |area_magnitude = |area_total_km2 = |area_total_sq_mi = |area_land_km2 = |area_land_sq_mi = |area_water_km2 = |area_water_sq_mi = |population_as_of = |population_total = |population_metro = |population_density_km2 = <!--Don't include commas!--> |timezone = [[Time zone#UTC .2B 6.2C F|ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය]] |utc_offset = +5:30 |timezone_DST = Summer time |utc_ofset_DST = +6 |latd=06 |latm=42 |lats=48 |latNS=N |longd=79 |longm=54 |longs=15 |longEW=E |website = |footnotes = }} '''පාණදුර''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] බටහිර වෙරළ තීරයේ [[කොළඹ]]ට දකුණින් [[කළුතර දිස්ත්‍රික්කය|කළුතර දිස්ත්‍රික්කයේ]] පිහිටි නගරයකි. == ඉතිහාසය == කොළඹ නගරය ආරම්භ විමටත් පෙර ඉතිහාසයේ සදහන් වෙ.15-16 සියවස් වල සිට මෙම නගරය ගැන තොරතුරු ඓතිහාසික මුලාශ්‍ර වල සදහන් වෙ.එකල පානදුරයෙහි වරායක් තිබු බව පෙනෙ. [[මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි|මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ]] මූලිකත්වයෙන්, 19 වන සියවසේ නව බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට දායකවූ, [[පංච මහා වාද| පානදුරාවාදය]] ඓතිහාසික විවාදය පැවැත්වූ ස්ථානය වේ. රයිගම් කෝරළයට අයත් පානදුර තොටමුණ පත්තුව හා තල්පිටිබද්ද පත්තුව යන පත්තු දෙකම පවතින්නේ වත්මන් පානදුර ප්‍රාෙද්ශීය ලේකම් බල කොට්ටාසය තුළය. අතීතයේ රයිගම් රාජධාණියේ ප්‍රධානතම වරාය ලෙසින් පානදුර වරාය වැජබිණ. වරක් රයිගම අග නගරයට එල්ලවූ චීන ආක්‍රමණයක් එල්ලවූයේද පානදුරයේ සිටය. වරක් පානදුරයට පැමිණි යාපනයේ ආර්යචක්ක්‍රවර්තීගේ සේනාවන්. රයිගම පාලකයා වූ ප්‍රභූරාජ මහා අලකේෂ්වරයන් විසින් ගොරකානේදී පරාජයට පත්කළේය. රයිගම් කෝරළයේ එක් ඉමක් පානදුර කොරළ වැල්ලෙන් අවසන්වේ. කෝරළේ ඉමේ වැල්ල කොරළ වැල්ල වී ඇත. බස්නාහිර පළාතෙහි කළුතර දිස්ත්‍රික්කයෙහි රයිගම් කෝරලයෙහි තලිපිටිය දෙබැද්දේ පිහිටි පානදුර තොටමුණ “පානදුර විජය භූමිය” ලෙස වරෙක ඕල්කට්තුමා විසින් හදුන්වා දී ඇත. පාෂාණ දුර හෙවත් ගලදුර ලෙසද එමෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් “පන්තෙයි තුරෙයි” යන අර්ථයෙන්ද පානදුර තොටමුණ හැඳින්වේ. “THE BOOK OF CEYLON” ග්‍රන්ථය පානදුරය පිළිබඳ පහත සඳහන් මනස්කාන්ත විග්‍රහය ඉදිරිපත් කෙරේ. “පානදුරය යනු මොරටුවේ ගති ලක්ෂණ බොහොමයක් කැටිකරගත් නගර වැසියන් 2000ක් පමණ වාසය කරන නගරයකි. එහි ඇති පෘථුල ගං මෝයවල්, තැනින් තැන පිහිටා ඇති කුඩා දුපත් මගින් බැලු බැල්මට පෙනෙන්නාවු භූමි ප්‍රදේශයට සුවිශේෂිත වු චමත්කාරයක් එකතු කොට ඇත. එම දුපත් ජලචර පක්ෂීන් රාශියකට විවේකස්ථානය වී ඇති අතර ඉතා උත්කෘෂ්ඨවත් තුරුලතා ආදියෙන්ද වැසී වතී. ගමන් කරන මගීන් දුම්රිය නැවතුම්පොල අසලින් ඇති ගං මෝය හරහා වැටී ඇති පාලමේ සිට පිටතින් පෙනෙන සුන්දර දුපත දෙස බැලිය යුතුමය”. පානදුරයේ ප්‍රසිද්ධිය සමග සම්බන්ධ වු ඉතා රසවත් ඉතිහාසයක අවස්ථා 02 ක් පවතී. මෙම දෙකම සටන් හා බැඳී පවතී. පළමු සටන සිදුවුයේ 12 වන ශත වර්ෂයේදීය. පොළොන්නරු මහ පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රසිද්ධි සේනාධිපතිවරයෙකු වු අලකේශ්වරට ඉන්දියානු ආක්‍රමණයිකයින්ට පානදුරේදී මුණ ගැසී පරාජය කරන ලදී. දෙවන අවස්ථාව වනුයේ පෘතුගීසීන් හා ලන්දේසීන් අතර ආධිපත්‍ය සඳහා 17 වන ශත වර්ෂයේදී සිදුවු සටනයි. කළුතර සිට කොළඹට තුන්දහසක පිරිසක් ගමන් කරවමින්, ලන්දේසීන් පානදුර ගඟ තරණය කරන ලදී. පසු අවස්ථාවේදී වටකොට එයින් 500ක් පමණ දෙනා මරා දමන ලදී. ගැලවුණු පිරිස නැවතත් කොළඹට පැමිණිය නමුත් එවැනි දුක්ඛිත තත්වයකදී ආපසු පැමිණි අයගෙන් භාගයක් පමණ දෙනා ඔවුන්ගේ තුවාල හේතුවෙන් මරණයට පත්වුහ. පානදුරයට සම්බන්ධව ඉතාම වැදගත් හා සිත්ගන්නා වු සුළු ඵෙතිහාසික පුරාවෘත්තය වන්නේ 1873 අගෝස්තු 6 හා 28 දිනවල පවත්වන ලද පානදුරවාදයයි. පානදුර රන්කොත් විහාරය අසල ජෙරමියස් දියෙස් මැතිතුමාගේ දොඹගහවත්ත නැමැති පෞද්ගලික ඉඩමේදී මෙම වාදය පවත්වන ලදී. මේ වු කලී සියවස් තුනකට වැඩිකලක් රාජ්‍ය අනුග්‍රහය නොමැතිව මිෂනාරීන්ගේ හා ක්‍රිස්තු පාලනය යටතේ සැහැසිකම් හා තාඩන පීඩන වලට ලක්වු බෞද්ධයන් සිට ජන්ම භූමියේදී නිදහසේ තම ආගම ඇදහීමට ගෙන ගිය ප්‍රබල සටනේ එක් ජයග්‍රාහී අවස්ථාවකි. පානදුරයෙහි ඵෙ‍තිහාසික පුරාවෘතාන්තය සැබවින්ම සිත් ගන්නා සුළුය. කුඹුරක සීසාමින් සිටි ගොවීන් පිරිසකට රන් පුහුලක් හමුවු ස්ථානය හිරණය හෙවත් හිරණ වේ. ශ්‍රී ජයවර්ධනපුර රාජධානි සමයේ විශේෂයෙන්ම මාලිගාව ආලෝකමත් කිරීමට හා දළදා පුද පුජා පැවැත්වීමට තෙල් සැපයු ගම්වරය තෙල් පිටිය හෙවත් තල්පිටිය විය. එහි වර්තමානයේ පවා තෙල් පිදීමට භාවිතා කල සෙක්කු බහුලව දැකිය හැකිවේ. රයිගම් බණ්ඩාර රජ්ජුරුවන්ගේ දියණියක වූ මොල්ලි විසූ බැවින් මොල්ලිගේ ගොඩ මොල්ලිගොඩ විය. වෙද දූව වාද්දුව වු බව ජනතාවගේ විශ්වාසයයි. තන්තිරිමුල්ල ග්‍රාමයට එහි නම පටබැදුනේ රජ කාලයේ බදු මුදල් එකතු කිරීමට තන්තිරිගේ, කළුතන්තිරිගේ හා ගාර්දිය තන්තිරිගේ යන පවුල් මුල් කරගෙන බදු එකතු කරන්නන් පත්කල බැවිනි. පෘතිගීසි පාලන සමයේ කුරුප්පු නමැති සෙන්පතියෙකු [[දොන් බර්තෝලමෙවුස් කුරුප්පු]] හෙවත්(මෙරට ප්‍රථම අගමැතිනි සිරිමාවෝ රත්වත්තේ මැතිණියගේ මුත්තණුවන්ගේ පවුලේ ආදිතමයෙක්) පාලන කටයුතු කල ප්‍රදේශය කුරුප්පුමුල්ල විය. එමෙන්ම රයිගම් බණ්ඩාරයන් කරත්ත වලින් ගමන් කරමින් සිටියදී රාත්‍රිය උදාවීම නිසා කරත්ත නවතා තැබු ස්ථානය ගොනාබැදිදුව විය. එම රයිගම් බණ්ඩාරයන්ගේ රජවාසලට මාල සෑදු අය සිටි ගම්මානය මාලමුල්ල විය. මාලමුල්ල පිළිබඳ තවත් අර්ථකථනයක් වන්නේ මලලගේ, මලලනායක, මලලසේකර වැනි මාල වචනය ඉදිරියට ඇති වාසගම් සහිත පදිංචිකරුවන් පැමිණීම නිසා මලලමුල්ල මාලමුල්ල වු බවය. බස්නාහිරි පලාතේ පානදුර සහ කළුතර යන නගරවලට මැදිවී ඇති වාද්දුව නගරයේ ඉතිහාසය කෝට්ටේ යුගය දක්වා දිවයන අයුරු පෙනේ. ඒ සමයෙහි වාද්දුව ප්‍රදේශය පාලනය වුයේ කෝට්ටේ රාජකීයයන් අතිනි. අපේ සංදේශ සාහිත්‍ය ඒ බව සනාථ කරයි. නුතන පාලන නීති ඔස්සේ වාද්දුව ප්‍රදේශය විග්‍රහ වන්නේ පානදුර තොටමුණෙහි රයිගම් කෝරලයේ මුංවත්තේ බාගේ පත්තුවට අයත් ප්‍රදේශයක් හැටියටය. ප්‍රදේශයේ බෞද්ධ ශාසනික ඉතිහාසය 19 වන සියවසේ මුල්භාගයේ සිට සඳහන්වේ. එකල තිබුණු ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානය වුයේ වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය හෙවත් දවටගහ විහාරයයි. එහි වැඩ විසු ගිහි කළ කෝට්ටේ රජපවුලේ තෝම්බුවෙන් පරම්පරා තෝම්බුවේ යකුන්දූවේ බණ්ඩාරවලිගතව හිටිගේ පරපුරෙන් පැවතෙන වාද්දුවේ ධම්මානන්ද මහාහිමිපාණන් වහන්සේට කොළඹ පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය ලැබුනේ ක්‍රි.ව. 1853 යැයි එම විහාර ඉතිහාසයේ සඳහන් වේ. උන්වහන්සේගේ ගුරු පරම්පරාව වැලිවිට පිණ්ඩපාතකි අසරණ සරණ සිරි සරනංකර සංඝරාජ මාහිමිපාණන්වහන්සේගේ කාලය දක්වා විහිදී යයි. වාද්දුව නමින් හැදින්වෙන විශාල් බිම්පෙදෙස දැන් ගම් නියම්ගම් රාශියකින් යුක්තවේ. තල්පිටිය, මඩවිල්ගොඩ, මහාවාද්දුව, කුඩාවාද්දුව, [[පොහොද්දරමුල්ල]], [[පොතුපිටිය]], මැලෑගම, මැස්ටිය, මාවල යන නම් ඒ අතර වේ. විශාල වෙල්ලයාය වලින් වටවු හෙයින් “දුව” ගනයට වැටෙන ගෝනදුව, කුමාරදුව, කවුඩුදුව, දෙල්දුව, නයිදුව සහ කොරොස්දුව වැනි තැනිතලා පෙදෙස්ද මොරොන්තුඩුව වැනි ව්‍යාප්ත බිම් පෙදෙස්ද වාද්දුවට අයත්වේ. මෑත ඉතිහාසයේ මෙම බිම් පෙදෙස ප්‍රසිද්ධව තිබුණේ සන්නිපාත, කැඩුම්බිදුම්, ග්‍රහණි, මාන්දම්, අංශභාග, වාතරෝග, වන, පිළිකා මෙන්ම දියවැඩියාව රෝග රාශියක් පිළිඳ විශේෂඥතාවයක් දැක්වු පරම්පරා රාශියක් නිසාය. හත්වෙනි මිහිදු රජුගේ පාලනයෙන් පසුව රට පාලනය පොලිස් අතට පත්වු අතර රජරටින් පැනගිය සිංහල පුතුන් බොහොමයක් රුහුණු සහ මායා රටේදී සිය රැකවරණය සලසා ගත්හ. මායා රටේ රැකවරණය සැලසු ප්‍රදේශ අතරින් මුල් තැනක් ලැබුවේ පානදුර ප්‍රදේශය වන අතර එම ප්‍රදේශය තුන්පැත්තක් මහ ජලාශයන්ගෙන් වටවී තිබීම එයට මුලික හේතුව විය. මෙම ආරක්ෂිත ප්‍රදේශය මුල්කොට පසුකාලීනව විශාල බලකොටුවක් ඉදිවිය. එම බලකොටුව ආශ්‍රිතව ඉදිවු ආරක්ෂිත තොටුපල දිග්ගල ප්‍රදේශයේ ඉදිවු බවටත් පසුකාලීනව දිග්ගල මිටියාවත ප්‍රදේශයේ රජමැදුරක් පැවති බවටත් ‍‍ෙළුතිහාසික සාක්ෂි ලැබී ඇත. පසුකාලීනව මිරියවත්ත නමින් හඳුන්වනු ලැබු මිරියවත්ත රජමාළිගාව මුල්කොට තම බලය තහවුරු කරගත් මහකිත් කුමරු එකල පැවති සොලී බලය පලවා දමා ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම සඳහා සිය ජීවිතය පරදුවට තබා සටනක් කරනු ලැබු මහ සෙනෙවියෙකි. “මහලැනකින්” නමින් මහවංශයේත් “මහලේ” නමින් රාජාවලියේත් සඳහන් වන මහකිත් සෙනෙවි සොලී බලය මර්දනය කර සිය රාජ්‍ය බලය තහවුරු කරගත් අතර උතුරු කළුතරදී ඔටුනු පලන් මෙතුමන් තුන් වසරක කාලයක් රාජ්‍ය පාලනයේ නිරත විය. තම පාලන සමයේදී සොලීන් සමඟ පැවති සටනකදී තම රට වැසියන් එකිනෙකාට විරුද්ධව සටන් වැදීම පිළිබඳව කලකිරීමට පත් මහකිත් සෙනෙවි සොලී වැසියන් සමුල ඝාතනය කිරීමෙන් පසු තම අසපතින්ම හිස සිඳගෙන මියගිය බවට ජනප්‍රවාදයේ සඳහන්වේ. මෙම විරෝධාර මහකිත් සෙනෙවියාගේ නිජභූමිය වන පානදුර ප්‍රදේශයේ ඉදිකළ ආදර්ශ ගම්මානය මහකිත්ගම විය. පානදුර නගරයට දීර්ඝ ඉතිහාසයක් ඇති බවට බොහෝ සාක්ෂි ඇත. ක්‍රි.ව. 1175 දී මහපරාක්‍රමබාහු රජ මෙම නගරය ඉදිකළ බවත් ක්‍රි.ව. 1225 දී දෙවන මහ පරාක්‍රමබාහු රජු දේව ප්‍රතිරාජ ඇමතියන් ලවා මෙම නගරය දියුණු කළ බවත් එම රජු ඉදිකල පොල් උයන “උයන්කැලේ ” ලෙස භාවිතා වන බවත් පිළිගැනේ. පානදුර නල්ලුරුවේ විසු මානික්කුනිලාතූර් නම් දෙවන නල්ලුර් තූනෛයාර් ඇමතියා විසින් නැවත මෙම නගරය දියුණු කළ බවත් කියැවේ. ඇහැලේපොල මහ අධිකාරම් 1814 දී මෙම උයන්කැලේ ගමෙහි පදිංචි වු බවත් පරංගියා කොළඹ සිට රයිගම යන ගමනේදී මෙහි නවාතැන් ගත් බවටද සාක්ෂි ඇත. ඵෙතිහාසික සාධක මෙන්ම ඇතැම් පාරසරික කරුණුද මෙම නම් පටබැදුමට හේතු සාධක වු බව පෙනේ. ගොවිපල වලින් කිරි නිෂ්පාදනය කල ප්‍රදේශය පට්ටිය විය. පුංචිදෙණියට එම නාමය ලැබුනේ පුංචි දෙණියක් පැවතීම නිසාය. කුඹුරු යාය වලින් වටවී ඇති බෙක්කක් සේ පිහිටීම හේතුවෙන් බෙක්කේගම වු බව ජනප්‍රවාදයේ ඇත. අම්බලමක් පිහිටි දුපත අම්බලන්දුව විය. මුලික ගමට මඳක් ඉහලින් වෙල් යායකින් වටවු ජනශූන්‍ය වු ගස්කොලං හා තුරුලතා වලින් පෝසිත හේනක හැඩය ගත් කොටස් හේනවත්ත විය. දෙමළ ව්‍යවහාරයේ නල්ල ඌර් බද්ධ වීමෙන් නල්ලුරුව හෙවත් හොඳගම ගොඩ නැගුණි. නාරංගස් බහුලව තිබීම නාරංපිටියේ ප්‍රධාන ලක්ෂණය විය. විශාල ගල්තලාවක් තිබීම හේතුවෙන් ගල්පොත්ත යන නම පටබැදුනි. කැලෑවෙන වටවු හේන මැදහේන වු අතර සුදුවැලි වලින් සමන්විත වු භූමිය සුදුවැල්ල විය. බටගස් වලින් පිරුණු කැලෑ පෙදෙස බටේලන්ද ලෙස ජනවහරයට ආ අතර ක්‍රිස්තියානි පල්ලියක් තිබුණු මංකඩ පල්ලියමංකඩ විය. වැවකට මායිම්ව පිහිටි නිසා වැව් කඩ වෑකඩ ලෙස ප්‍රචලිත විය. ගොරකා ගස් බහුලව තිබු නිසා ගොරකාන ගමට එම නම ලැබුණි. පත්තිනි මෑණියන් වෙනුවෙන් සෑදු කෝවිල තිබු කඳුගැටය කෝවිලගොඩැල්ල විය. අතීතයේ කටුරොද වලින් පිරුණු කැලෑ පෙදෙස වල් +ආන හෙවත් වලාන ලෙස භාවිතා විය. පානදුර තොටමු‍ණෙහි “මුල්ල” යන්න බොහෝ ගම්වලට පටබැඳී ඇත. රෙදි සේදීම හා රඳා කුලයට අයත් පවුල් පදිංචි වීම හේනමුල්ල නිර්මාණය වීමට හේතුවිය. පල්ලිය මුල්ල පල්ලිමුල්ල විය. සරික්කාමුල්ල, හේනමුල්ල, පල්ලිමුල්ල, තන්තිරිමුල්ල, කුරුප්පුමුල්ල, මාලමුල්ල, වදුරාමුල්ල යන ගම්වලට ඉහලින් උස වැඩිම ගම් උඩහමුල්ල විය. මෙසේ පානදුර තොටමුණෙහි පිහිටි සෑම ගමකට පාහේ ‍ෙළුතිහාසික හෝ පාරම්පරික සාධක මුල් කොට බිහිවු බව පෙනේ. සියවස් සැපිරූ සද්ධර්මාලංකාර පිරිවෙණ පිහිටියේ පිංවත්ත ප්‍රදේශයේය. එදා එය කෙත්බිමකි. කෙත්බිම මැද කමත පිහිටියේය. මෙම කෙත්බිම අතීතයේ “මාලිමිටියාවත්ත” ලෙස හදුන්වන ලදී. කෙත්බිමෙහි පන්සලක් ඉදිකළ පසු එය පිංවත්ත විය. පුඤ්ඤවත්ථු ලෙස හඳුන්වන මෙහි තේරුම පුන්‍ය ක්ෂේත්‍රය යන්නය. මෙම පුන්‍ය ක්ෂේත්‍රය ආලෝකමත් කළ පිංවත්තේ සිරිසීලානන්ද නාහිමියන් , පොහොද්දරමුල්ලේ ඥානානන්දාභිධාන මහා නායක හිමියන් , කොස්ගොඩ ඥාණවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ පිංවත්තේ විමලකීර්ති හිමියන් පානදුර තොටමුණට පමණක් නොව මුළු රටටම ආදර්ශයක් විය. == ජන ගහණය හා සංස්කෘතිය == පානදුර නගරය 100,000 පමණ වු ජනතාවකට වාස භූමිය වේ.<br /> පානදුර නගර‍යේ බහුතරයක් වු ජනතාවගේ ආගම වනුයේ බුදු දහමයි. නමුත් කතෝළික හා ඉස්ලාම් ආගමිකයන් සුළු පිරිසක්ද දැකිය හැකිය. පානදුරය දානපතියන්ගේ පුරවරය ලෙස හඳුන්වනු ලබයි. රටපුරා ප්‍රසිද්ධ කොස්මාමා යනුවෙන් විරුදාවලියෙන් පිදුම් ලැබූ පොන්නහැන්නදිගේ ආතර් වී දියෙස් දානපතියා උපන් ගම පානදුරයයි. == ආදර්ශ පාඨය == '''බෞද්ධ පුරවරය - පානදුර''' '''එමෙන්ම "පුණර්ජීවනයේ නගරය" ලෙසින්ද හඳුන්වනු ලබයි.''' == ආශ්‍රිත ලිපි == *[[ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව]] == මූලාශ්‍ර == {{reflist}} == බාහිර සබැදි == * [http://maps.msn.com/%28fmyurcikxh3vqjerbps0j345%29/map.aspx?lats1=6.713333&lons1=79.904167&alts1=14&regn1=2 MSN Map - elevation = 1m]{{භින්න වූ සබැඳි|date=September 2023 |bot=InternetArchiveBot |fix-attempted=yes }} * [http://www.bps.lk/wheels_library/wh_281.html#_Toc159679743 Article on Colonel Olcott, Panadura and the revival of Buddhism in Sri Lanka] {{Webarchive|url=https://web.archive.org/web/20071212051657/http://www.bps.lk/wheels_library/wh_281.html#_Toc159679743 |date=2007-12-12 }} {{coord|06|42|48|N| 79|54|15|E|region:LK_type:city|display=title}} {{ශ්‍රී ලංකාවේ නගර}} {{WesternLK-geo-stub}} [[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ජනාකීර්ණ ප්‍රදේශ]] [[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන]] sefnba91ntb09o0692gmd7y0jatjc69 797583 797581 2026-08-10T22:39:00Z ~2026-43843-50 80463 /* ඉතිහාසය */ 797583 wikitext text/x-wiki {{තොරතුරුකොටුව ජනාවාසය |official_name = පාණදුර |image_skyline = |image_caption = |image_flag = |image_seal = |image_map = |map_caption = |pushpin_map = Sri Lanka |coordinates_region = LK |subdivision_type = [[රට]] |subdivision_name = [[ශ්‍රි ලංකාව]] |subdivision_type1= පළාත |subdivision_name1= [[බස්නාහිර පළාත]] |subdivision_type2 = [[ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක|දිස්ත්‍රික්කය]] |subdivision_name2 = [[කළුතර දිස්ත්‍රික්කය]] |leader_title = |leader_name = |leader_title1 = |leader_name1 = |area_magnitude = |area_total_km2 = |area_total_sq_mi = |area_land_km2 = |area_land_sq_mi = |area_water_km2 = |area_water_sq_mi = |population_as_of = |population_total = |population_metro = |population_density_km2 = <!--Don't include commas!--> |timezone = [[Time zone#UTC .2B 6.2C F|ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය]] |utc_offset = +5:30 |timezone_DST = Summer time |utc_ofset_DST = +6 |latd=06 |latm=42 |lats=48 |latNS=N |longd=79 |longm=54 |longs=15 |longEW=E |website = |footnotes = }} '''පාණදුර''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] බටහිර වෙරළ තීරයේ [[කොළඹ]]ට දකුණින් [[කළුතර දිස්ත්‍රික්කය|කළුතර දිස්ත්‍රික්කයේ]] පිහිටි නගරයකි. == ඉතිහාසය == කොළඹ නගරය ආරම්භ විමටත් පෙර ඉතිහාසයේ සදහන් වෙ.15-16 සියවස් වල සිට මෙම නගරය ගැන තොරතුරු ඓතිහාසික මුලාශ්‍ර වල සදහන් වෙ.එකල පානදුරයෙහි වරායක් තිබු බව පෙනෙ. [[මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි|මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ]] මූලිකත්වයෙන්, 19 වන සියවසේ නව බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට දායකවූ, [[පංච මහා වාද| පානදුරාවාදය]] ඓතිහාසික විවාදය පැවැත්වූ ස්ථානය වේ. රයිගම් කෝරළයට අයත් පානදුර තොටමුණ පත්තුව හා තල්පිටිබද්ද පත්තුව යන පත්තු දෙකම පවතින්නේ වත්මන් පානදුර ප්‍රාෙද්ශීය ලේකම් බල කොට්ටාසය තුළය. අතීතයේ රයිගම් රාජධාණියේ ප්‍රධානතම වරාය ලෙසින් පානදුර වරාය වැජබිණ. වරක් රයිගම අග නගරයට එල්ලවූ චීන ආක්‍රමණයක් එල්ලවූයේද පානදුරයේ සිටය. වරක් පානදුරයට පැමිණි යාපනයේ ආර්යචක්ක්‍රවර්තීගේ සේනාවන්. රයිගම පාලකයා වූ ප්‍රභූරාජ මහා අලකේෂ්වරයන් විසින් ගොරකානේදී පරාජයට පත්කළේය. රයිගම් කෝරළයේ එක් ඉමක් පානදුර කොරළ වැල්ලෙන් අවසන්වේ. කෝරළේ ඉමේ වැල්ල කොරළ වැල්ල වී ඇත. බස්නාහිර පළාතෙහි කළුතර දිස්ත්‍රික්කයෙහි රයිගම් කෝරලයෙහි තලිපිටිය දෙබැද්දේ පිහිටි පානදුර තොටමුණ “පානදුර විජය භූමිය” ලෙස වරෙක ඕල්කට්තුමා විසින් හදුන්වා දී ඇත. පාෂාණ දුර හෙවත් ගලදුර ලෙසද එමෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් “පන්තෙයි තුරෙයි” යන අර්ථයෙන්ද පානදුර තොටමුණ හැඳින්වේ. “THE BOOK OF CEYLON” ග්‍රන්ථය පානදුරය පිළිබඳ පහත සඳහන් මනස්කාන්ත විග්‍රහය ඉදිරිපත් කෙරේ. “පානදුරය යනු මොරටුවේ ගති ලක්ෂණ බොහොමයක් කැටිකරගත් නගර වැසියන් 2000ක් පමණ වාසය කරන නගරයකි. එහි ඇති පෘථුල ගං මෝයවල්, තැනින් තැන පිහිටා ඇති කුඩා දුපත් මගින් බැලු බැල්මට පෙනෙන්නාවු භූමි ප්‍රදේශයට සුවිශේෂිත වු චමත්කාරයක් එකතු කොට ඇත. එම දුපත් ජලචර පක්ෂීන් රාශියකට විවේකස්ථානය වී ඇති අතර ඉතා උත්කෘෂ්ඨවත් තුරුලතා ආදියෙන්ද වැසී වතී. ගමන් කරන මගීන් දුම්රිය නැවතුම්පොල අසලින් ඇති ගං මෝය හරහා වැටී ඇති පාලමේ සිට පිටතින් පෙනෙන සුන්දර දුපත දෙස බැලිය යුතුමය”. පානදුරයේ ප්‍රසිද්ධිය සමග සම්බන්ධ වු ඉතා රසවත් ඉතිහාසයක අවස්ථා 02 ක් පවතී. මෙම දෙකම සටන් හා බැඳී පවතී. පළමු සටන සිදුවුයේ 12 වන ශත වර්ෂයේදීය. පොළොන්නරු මහ පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රසිද්ධි සේනාධිපතිවරයෙකු වු අලකේශ්වරට ඉන්දියානු ආක්‍රමණයිකයින්ට පානදුරේදී මුණ ගැසී පරාජය කරන ලදී. දෙවන අවස්ථාව වනුයේ පෘතුගීසීන් හා ලන්දේසීන් අතර ආධිපත්‍ය සඳහා 17 වන ශත වර්ෂයේදී සිදුවු සටනයි. කළුතර සිට කොළඹට තුන්දහසක පිරිසක් ගමන් කරවමින්, ලන්දේසීන් පානදුර ගඟ තරණය කරන ලදී. පසු අවස්ථාවේදී වටකොට එයින් 500ක් පමණ දෙනා මරා දමන ලදී. ගැලවුණු පිරිස නැවතත් කොළඹට පැමිණිය නමුත් එවැනි දුක්ඛිත තත්වයකදී ආපසු පැමිණි අයගෙන් භාගයක් පමණ දෙනා ඔවුන්ගේ තුවාල හේතුවෙන් මරණයට පත්වුහ. පානදුරයට සම්බන්ධව ඉතාම වැදගත් හා සිත්ගන්නා වු සුළු ඵෙතිහාසික පුරාවෘත්තය වන්නේ 1873 අගෝස්තු 6 හා 28 දිනවල පවත්වන ලද පානදුරවාදයයි. පානදුර රන්කොත් විහාරය අසල ජෙරමියස් දියෙස් මැතිතුමාගේ දොඹගහවත්ත නැමැති පෞද්ගලික ඉඩමේදී මෙම වාදය පවත්වන ලදී. මේ වු කලී සියවස් තුනකට වැඩිකලක් රාජ්‍ය අනුග්‍රහය නොමැතිව මිෂනාරීන්ගේ හා ක්‍රිස්තු පාලනය යටතේ සැහැසිකම් හා තාඩන පීඩන වලට ලක්වු බෞද්ධයන් සිට ජන්ම භූමියේදී නිදහසේ තම ආගම ඇදහීමට ගෙන ගිය ප්‍රබල සටනේ එක් ජයග්‍රාහී අවස්ථාවකි. පානදුරයෙහි ඵෙ‍තිහාසික පුරාවෘතාන්තය සැබවින්ම සිත් ගන්නා සුළුය. කුඹුරක සීසාමින් සිටි ගොවීන් පිරිසකට රන් පුහුලක් හමුවු ස්ථානය හිරණය හෙවත් හිරණ වේ. ශ්‍රී ජයවර්ධනපුර රාජධානි සමයේ විශේෂයෙන්ම මාලිගාව ආලෝකමත් කිරීමට හා දළදා පුද පුජා පැවැත්වීමට තෙල් සැපයු ගම්වරය තෙල් පිටිය හෙවත් තල්පිටිය විය. එහි වර්තමානයේ පවා තෙල් පිදීමට භාවිතා කල සෙක්කු බහුලව දැකිය හැකිවේ. රයිගම් බණ්ඩාර රජ්ජුරුවන්ගේ දියණියක වූ මොල්ලි විසූ බැවින් මොල්ලිගේ ගොඩ මොල්ලිගොඩ විය. වෙද දූව වාද්දුව වු බව ජනතාවගේ විශ්වාසයයි. තන්තිරිමුල්ල ග්‍රාමයට එහි නම පටබැදුනේ රජ කාලයේ බදු මුදල් එකතු කිරීමට තන්තිරිගේ, කළුතන්තිරිගේ හා ගාර්දිය තන්තිරිගේ යන පවුල් මුල් කරගෙන බදු එකතු කරන්නන් පත්කල බැවිනි. පෘතිගීසි පාලන සමයේ කුරුප්පු නමැති සෙන්පතියෙකු [[දොන් බර්තෝලමෙවුස් කුරුප්පු]] හෙවත්(මෙරට ප්‍රථම අගමැතිනි සිරිමාවෝ රත්වත්තේ මැතිණියගේ මුත්තණුවන්ගේ පවුලේ ආදිතමයෙක්) පාලන කටයුතු කල ප්‍රදේශය කුරුප්පුමුල්ල විය. එමෙන්ම රයිගම් බණ්ඩාරයන් කරත්ත වලින් ගමන් කරමින් සිටියදී රාත්‍රිය උදාවීම නිසා කරත්ත නවතා තැබු ස්ථානය ගොනාබැදිදුව විය. එම රයිගම් බණ්ඩාරයන්ගේ රජවාසලට මාල සෑදු අය සිටි ගම්මානය මාලමුල්ල විය. මාලමුල්ල පිළිබඳ තවත් අර්ථකථනයක් වන්නේ මලලගේ, මලලනායක, මලලසේකර වැනි මාල වචනය ඉදිරියට ඇති වාසගම් සහිත පදිංචිකරුවන් පැමිණීම නිසා මලලමුල්ල මාලමුල්ල වු බවය. බස්නාහිරි පලාතේ පානදුර සහ කළුතර යන නගරවලට මැදිවී ඇති වාද්දුව නගරයේ ඉතිහාසය කෝට්ටේ යුගය දක්වා දිවයන අයුරු පෙනේ. ඒ සමයෙහි වාද්දුව ප්‍රදේශය පාලනය වුයේ කෝට්ටේ රාජකීයයන් අතිනි. අපේ සංදේශ සාහිත්‍ය ඒ බව සනාථ කරයි. නුතන පාලන නීති ඔස්සේ වාද්දුව ප්‍රදේශය විග්‍රහ වන්නේ පානදුර තොටමුණෙහි රයිගම් කෝරලයේ මුංවත්තේ බාගේ පත්තුවට අයත් ප්‍රදේශයක් හැටියටය. ප්‍රදේශයේ බෞද්ධ ශාසනික ඉතිහාසය 19 වන සියවසේ මුල්භාගයේ සිට සඳහන්වේ. එකල තිබුණු ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානය වුයේ වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය හෙවත් දවටගහ විහාරයයි. එහි වැඩ විසු ගිහි කළ කෝට්ටේ රජපවුලේ තෝම්බුවෙන් පරම්පරා තෝම්බුවේ යකුන්දූවේ බණ්ඩාරවලිගතව හිටිගේ පරපුරෙන් පැවතෙන වාද්දුවේ ධම්මානන්ද මහාහිමිපාණන් වහන්සේට කොළඹ පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය ලැබුනේ ක්‍රි.ව. 1853 යැයි එම විහාර ඉතිහාසයේ සඳහන් වේ. උන්වහන්සේගේ ගුරු පරම්පරාව වැලිවිට පිණ්ඩපාතකි අසරණ සරණ සිරි සරනංකර සංඝරාජ මාහිමිපාණන්වහන්සේගේ කාලය දක්වා විහිදී යයි. වාද්දුව නමින් හැදින්වෙන විශාල් බිම්පෙදෙස දැන් ගම් නියම්ගම් රාශියකින් යුක්තවේ. තල්පිටිය, මඩවිල්ගොඩ, මහාවාද්දුව, කුඩාවාද්දුව, [[පොහොද්දරමුල්ල]], [[පොතුපිටිය]], මැලෑගම, මැස්ටිය, මාවල යන නම් ඒ අතර වේ. විශාල වෙල්ලයාය වලින් වටවු හෙයින් “දුව” ගනයට වැටෙන ගෝනදුව, කුමාරදුව, කවුඩුදුව, දෙල්දුව, නයිදුව සහ කොරොස්දුව වැනි තැනිතලා පෙදෙස්ද මොරොන්තුඩුව වැනි ව්‍යාප්ත බිම් පෙදෙස්ද වාද්දුවට අයත්වේ. මෑත ඉතිහාසයේ මෙම බිම් පෙදෙස ප්‍රසිද්ධව තිබුණේ සන්නිපාත, කැඩුම්බිදුම්, ග්‍රහණි, මාන්දම්, අංශභාග, වාතරෝග, වන, පිළිකා මෙන්ම දියවැඩියාව රෝග රාශියක් පිළිඳ විශේෂඥතාවයක් දැක්වු පරම්පරා රාශියක් නිසාය. හත්වෙනි මිහිදු රජුගේ පාලනයෙන් පසුව රට පාලනය පොලිස් අතට පත්වු අතර රජරටින් පැනගිය සිංහල පුතුන් බොහොමයක් රුහුණු සහ මායා රටේදී සිය රැකවරණය සලසා ගත්හ. මායා රටේ රැකවරණය සැලසු ප්‍රදේශ අතරින් මුල් තැනක් ලැබුවේ පානදුර ප්‍රදේශය වන අතර එම ප්‍රදේශය තුන්පැත්තක් මහ ජලාශයන්ගෙන් වටවී තිබීම එයට මුලික හේතුව විය. මෙම ආරක්ෂිත ප්‍රදේශය මුල්කොට පසුකාලීනව විශාල බලකොටුවක් ඉදිවිය. එම බලකොටුව ආශ්‍රිතව ඉදිවු ආරක්ෂිත තොටුපල දිග්ගල ප්‍රදේශයේ ඉදිවු බවටත් පසුකාලීනව දිග්ගල මිටියාවත ප්‍රදේශයේ රජමැදුරක් පැවති බවටත් ‍‍ෙළුතිහාසික සාක්ෂි ලැබී ඇත. පසුකාලීනව මිරියවත්ත නමින් හඳුන්වනු ලැබු මිරියවත්ත රජමාළිගාව මුල්කොට තම බලය තහවුරු කරගත් මහකිත් කුමරු එකල පැවති සොලී බලය පලවා දමා ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම සඳහා සිය ජීවිතය පරදුවට තබා සටනක් කරනු ලැබු මහ සෙනෙවියෙකි. “මහලැනකින්” නමින් මහවංශයේත් “මහලේ” නමින් රාජාවලියේත් සඳහන් වන මහකිත් සෙනෙවි සොලී බලය මර්දනය කර සිය රාජ්‍ය බලය තහවුරු කරගත් අතර උතුරු කළුතරදී ඔටුනු පලන් මෙතුමන් තුන් වසරක කාලයක් රාජ්‍ය පාලනයේ නිරත විය. තම පාලන සමයේදී සොලීන් සමඟ පැවති සටනකදී තම රට වැසියන් එකිනෙකාට විරුද්ධව සටන් වැදීම පිළිබඳව කලකිරීමට පත් මහකිත් සෙනෙවි සොලී වැසියන් සමුල ඝාතනය කිරීමෙන් පසු තම අසපතින්ම හිස සිඳගෙන මියගිය බවට ජනප්‍රවාදයේ සඳහන්වේ. මෙම විරෝධාර මහකිත් සෙනෙවියාගේ නිජභූමිය වන පානදුර ප්‍රදේශයේ ඉදිකළ ආදර්ශ ගම්මානය මහකිත්ගම විය. පානදුර නගරයට දීර්ඝ ඉතිහාසයක් ඇති බවට බොහෝ සාක්ෂි ඇත. ක්‍රි.ව. 1175 දී මහපරාක්‍රමබාහු රජ මෙම නගරය ඉදිකළ බවත් ක්‍රි.ව. 1225 දී දෙවන මහ පරාක්‍රමබාහු රජු දේව ප්‍රතිරාජ ඇමතියන් ලවා මෙම නගරය දියුණු කළ බවත් එම රජු ඉදිකල පොල් උයන “උයන්කැලේ ” ලෙස භාවිතා වන බවත් පිළිගැනේ. පානදුර නල්ලුරුවේ විසු මානික්කුනිලාතූර් නම් දෙවන නල්ලුර් තූනෛයාර් ඇමතියා විසින් නැවත මෙම නගරය දියුණු කළ බවත් කියැවේ. ඇහැලේපොල මහ අධිකාරම් 1814 දී මෙම උයන්කැලේ ගමෙහි පදිංචි වු බවත් පරංගියා කොළඹ සිට රයිගම යන ගමනේදී මෙහි නවාතැන් ගත් බවටද සාක්ෂි ඇත. ඵෙතිහාසික සාධක මෙන්ම ඇතැම් පාරසරික කරුණුද මෙම නම් පටබැදුමට හේතු සාධක වු බව පෙනේ. ගොවිපල වලින් කිරි නිෂ්පාදනය කල ප්‍රදේශය පට්ටිය විය. පුංචිදෙණියට එම නාමය ලැබුනේ පුංචි දෙණියක් පැවතීම නිසාය. කුඹුරු යාය වලින් වටවී ඇති බෙක්කක් සේ පිහිටීම හේතුවෙන් බෙක්කේගම වු බව ජනප්‍රවාදයේ ඇත. අම්බලමක් පිහිටි දුපත අම්බලන්දුව විය. මුලික ගමට මඳක් ඉහලින් වෙල් යායකින් වටවු ජනශූන්‍ය වු ගස්කොලං හා තුරුලතා වලින් පෝසිත හේනක හැඩය ගත් කොටස් හේනවත්ත විය. දෙමළ ව්‍යවහාරයේ නල්ල ඌර් බද්ධ වීමෙන් නල්ලුරුව හෙවත් හොඳගම ගොඩ නැගුණි. නාරංගස් බහුලව තිබීම නාරංපිටියේ ප්‍රධාන ලක්ෂණය විය. විශාල ගල්තලාවක් තිබීම හේතුවෙන් ගල්පොත්ත යන නම පටබැදුනි. කැලෑවෙන වටවු හේන මැදහේන වු අතර සුදුවැලි වලින් සමන්විත වු භූමිය සුදුවැල්ල විය. බටගස් වලින් පිරුණු කැලෑ පෙදෙස බටේලන්ද ලෙස ජනවහරයට ආ අතර ක්‍රිස්තියානි පල්ලියක් තිබුණු මංකඩ පල්ලියමංකඩ විය. වැවකට මායිම්ව පිහිටි නිසා වැව් කඩ වෑකඩ ලෙස ප්‍රචලිත විය. ගොරකා ගස් බහුලව තිබු නිසා ගොරකාන ගමට එම නම ලැබුණි. පත්තිනි මෑණියන් වෙනුවෙන් සෑදු කෝවිල තිබු කඳුගැටය කෝවිලගොඩැල්ල විය. අතීතයේ කටුරොද වලින් පිරුණු කැලෑ පෙදෙස වල් +ආන හෙවත් වලාන ලෙස භාවිතා විය. පානදුර තොටමු‍ණෙහි “මුල්ල” යන්න බොහෝ ගම්වලට පටබැඳී ඇත. රෙදි සේදීම හා රඳා කුලයට අයත් පවුල් පදිංචි වීම හේනමුල්ල නිර්මාණය වීමට හේතුවිය. පල්ලිය මුල්ල පල්ලිමුල්ල විය. සරික්කාමුල්ල, හේනමුල්ල, පල්ලිමුල්ල, තන්තිරිමුල්ල, කුරුප්පුමුල්ල, මාලමුල්ල, වදුරාමුල්ල යන ගම්වලට ඉහලින් උස වැඩිම ගම් උඩහමුල්ල විය. මෙසේ පානදුර තොටමුණෙහි පිහිටි සෑම ගමකට පාහේ ‍ෙළුතිහාසික හෝ පාරම්පරික සාධක මුල් කොට බිහිවු බව පෙනේ. සියවස් සැපිරූ සද්ධර්මාලංකාර පිරිවෙණ පිහිටියේ පිංවත්ත ප්‍රදේශයේය. එදා එය කෙත්බිමකි. කෙත්බිම මැද කමත පිහිටියේය. මෙම කෙත්බිම අතීතයේ “මාලිමිටියාවත්ත” ලෙස හදුන්වන ලදී. කෙත්බිමෙහි පන්සලක් ඉදිකළ පසු එය පිංවත්ත විය. පුඤ්ඤවත්ථු ලෙස හඳුන්වන මෙහි තේරුම පුන්‍ය ක්ෂේත්‍රය යන්නය. මෙම පුන්‍ය ක්ෂේත්‍රය ආලෝකමත් කළ පිංවත්තේ සිරිසීලානන්ද නාහිමියන් , පොහොද්දරමුල්ලේ ඥානානන්දාභිධාන මහා නායක හිමියන් , කොස්ගොඩ ඥාණවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ පිංවත්තේ විමලකීර්ති හිමියන් පානදුර තොටමුණට පමණක් නොව මුළු රටටම ආදර්ශයක් විය. == ජන ගහණය හා සංස්කෘතිය == පානදුර නගරය 100,000 පමණ වු ජනතාවකට වාස භූමිය වේ.<br /> පානදුර නගර‍යේ බහුතරයක් වු ජනතාවගේ ආගම වනුයේ බුදු දහමයි. නමුත් කතෝළික හා ඉස්ලාම් ආගමිකයන් සුළු පිරිසක්ද දැකිය හැකිය. පානදුරය දානපතියන්ගේ පුරවරය ලෙස හඳුන්වනු ලබයි. රටපුරා ප්‍රසිද්ධ කොස්මාමා යනුවෙන් විරුදාවලියෙන් පිදුම් ලැබූ පොන්නහැන්නදිගේ ආතර් වී දියෙස් දානපතියා උපන් ගම පානදුරයයි. == ආදර්ශ පාඨය == '''බෞද්ධ පුරවරය - පානදුර''' '''එමෙන්ම "පුණර්ජීවනයේ නගරය" ලෙසින්ද හඳුන්වනු ලබයි.''' == ආශ්‍රිත ලිපි == *[[ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව]] == මූලාශ්‍ර == {{reflist}} == බාහිර සබැදි == * [http://maps.msn.com/%28fmyurcikxh3vqjerbps0j345%29/map.aspx?lats1=6.713333&lons1=79.904167&alts1=14&regn1=2 MSN Map - elevation = 1m]{{භින්න වූ සබැඳි|date=September 2023 |bot=InternetArchiveBot |fix-attempted=yes }} * [http://www.bps.lk/wheels_library/wh_281.html#_Toc159679743 Article on Colonel Olcott, Panadura and the revival of Buddhism in Sri Lanka] {{Webarchive|url=https://web.archive.org/web/20071212051657/http://www.bps.lk/wheels_library/wh_281.html#_Toc159679743 |date=2007-12-12 }} {{coord|06|42|48|N| 79|54|15|E|region:LK_type:city|display=title}} {{ශ්‍රී ලංකාවේ නගර}} {{WesternLK-geo-stub}} [[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ජනාකීර්ණ ප්‍රදේශ]] [[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන]] rfeciq2zzixvg7un2tje2tqv3dhqhhb ආසින් 0 80677 797569 591375 2026-08-10T16:38:10Z Saroj 32930 Synced 9 categories from enwiki ([[:m:User:Saroj/CatSync|CatSync]]) 797569 wikitext text/x-wiki {{Infobox person | name = අසින් තොටුම්කාල් | image = Asin05.jpg | birth_name = අසින් තොටුම්කාල් | birth_date = {{Birth date and age|df=yes|1985|10|26}} <ref name="only 23">{{cite news|url=http://articles.timesofindia.indiatimes.com/2009-04-21/news-interviews/28058815_1_joseph-thottumkal-asin-age-factor|title=I am only 23: Asin|accessdate=4 August 2013|date=21 April 2009|newspaper=The Times of India|archive-date=21 October 2013|archive-url=https://web.archive.org/web/20131021070756/http://articles.timesofindia.indiatimes.com/2009-04-21/news-interviews/28058815_1_joseph-thottumkal-asin-age-factor|url-status=dead}}</ref><ref name="hide">{{cite news|last=Dasgupta|first=Priyanka|url=http://articles.timesofindia.indiatimes.com/2010-10-26/news-interviews/28234079_1_asin-movie-business-childhood-friends|title=I can’t hide my age: Asin|accessdate=4 August 2013|date=26 October 2010|newspaper=The Times of India|archive-date=4 October 2013|archive-url=https://web.archive.org/web/20131004215912/http://articles.timesofindia.indiatimes.com/2010-10-26/news-interviews/28234079_1_asin-movie-business-childhood-friends|url-status=dead}}</ref><ref name="working birthday">{{cite news|last=Singh|first=Prashant|url=http://www.hindustantimes.com/Entertainment/Tabloid/Asin-Thottumkal-has-a-working-birthday-turns-26-on-sets/Article1-950368.aspx|title=Asin Thottumkal has a working birthday, turns 26 on sets|accessdate=4 August 2013|date=26 October 2012|newspaper=Hindustan Times|archive-date=24 December 2018|archive-url=https://web.archive.org/web/20181224212800/https://www.hindustantimes.com/archive-news/|url-status=dead}}</ref> | birth_place = [[ කොචි ]], [[ කේරළය ]], [[ භාරත ජනරජය ]] | residence = [[ දිල්ලිය ]] , [[ භාරත ජනරජය ]] | nationality = [[ ඉන්දියානුවෝ| ඉන්දියානු ]] | occupation = නිළිය , ආකෘතිය , නර්තන ශිල්පියෙක් | years_active = 2001―2015 | home_town = [[ කොචි ]], [[ කේරළය ]], භාරත ජනරජය | spouse = {{marriage| රාහුල් ශර්මා |2016}} | children = 1 | awards = {{unbulleted list| කාලමමමෝන| ෆිල්ම්ෆෙයාර් සම්මානය }} | website = [http://asinonline.com asinonline.com] }} ''' අසින් තොටුම්කාල් ''' ( මලයාලම්භාෂාව |അസിന് തോട്ടുങ്കല്), (උපත 1985 ඔක්තෝබර් 26 <ref name="DOB">{{cite web|author=Rediff Entertainment Bureau|publisher=Rediff|title=Asin's 20th birthday plans|date=25 October 2005|url=http://ia.rediff.com/movies/2005/oct/25asin.htm|accessdate=10 October 2007}}</ref>) ''' අසින්''' ලෙස හැඳින්වේ   ඇය [[කේරළ]]යේ උපන් අයෙකි   ඉන්දීය සිනමා නිළිය. ඇය සිය රංගන දිවියට පිවිසියේ සත්‍යන් අන්තික්කාඩ් චිත්‍රපටයෙනි   "නරේන්ද්‍ර මකන් ජයකාන්තන් වකා" (2001) සමඟ විවෘත කරන ලදී,   2003 දී මගේ අම්මා දෙමළ ගැහැණු ළමයෙකු සමඟ පැමිණියාය   අසින්ගේ පළමු වාණිජමය සාර්ථකත්වය සහ එය   ෆිල්ම් ෆෙයාර් හොඳම තෙළිඟු නිළියට හිමි සම්මානය   දිනා ගැනීමට සමත් විය.   චිත්‍රපට කිහිපයක රඟපෑමෙන් පසු ඇය දෙවන දෙමළ ජාතිකයා වේ   ගැසිනි (2005) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දකුණ   ෆිල්ම් ෆෙයාර් හොඳම නිළියට හිමි සම්මානය ඇය   සාර්ථක සමක් ගැසිනි (2005) සහ   ප්‍රහසන වර්ලාරු (2006) චිත්‍රපටවල   ප්‍රධාන භූමිකාව රඟපෑවා. මේ අතර, අසින්   බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නේ ගජිනි සමඟ දෙමළ භාෂාවට පැමිණීමෙනි   චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කරන ලද අතර පසුව එය ෆිල්ම් ෆෙයාර් විය   හොඳම නවක සම්මානය දිනා ගත්තේය. ===බාහිර සබැඳි=== ===බාහිර සබැඳි=== ===බාහිර සබැඳි=== [[ප්‍රවර්ගය:1985 උපත්]] [[ප්‍රවර්ගය:21 වන සියවස තුළ ඉන්දියානු නිළියෝ]] [[ප්‍රවර්ගය:හින්දි සිනමාවේ නිළියෝ]] [[ප්‍රවර්ගය:මලයාලම් සිනමාවේ නිළියෝ]] [[ප්‍රවර්ගය:දෙමළ සිනමාවේ නිළියෝ]] [[ප්‍රවර්ගය:තෙලිඟු සිනමාවේ නිළියෝ]] [[ප්‍රවර්ගය:ඉන්දියානු චිත්‍රපට නිළියෝ]] [[ප්‍රවර්ගය:ඉන්දියානු රූපවාහිනී නිළියෝ]] [[ප්‍රවර්ගය:ජීවමාන ජනයා]] igim21ywsl1gt6zrr1wtyhcipbf4fve මොනරාගල රාජකීය විද්‍යාලය 0 195646 797586 796203 2026-08-11T06:31:44Z RMASRathnayaka 79533 /* */ 797586 wikitext text/x-wiki {{තොරතුරුකොටුව පාසල | name = {{PAGENAMEBASE}} | image = | motto = शील पञ्ञं वड्ढेमा ශීල පඤ්ඤං වඩ්ඪේමා ගුණ නැණ වඩමු English: Let virtue and knowledge grow | region = මොනරාගල අධ්‍යාපන කලාපය | city = [[Monaragala]], [[Monaragala District]] | county = [[Sri Lanka]] | province = [[Uva Province, Sri Lanka|Uva Province]] | coordinates = {{Coord|6.8601762|81.3405264|type:edu_region:LK|display=inline,title|format=dms}} | schooltype = ජාතික පාසල | religious_affiliation = බෞද්ධ | established = 1969 මාර්තු 15; වරස 57කට පෙර | educational_authority = අධ්‍යාපන අමාත්‍යාංශය | principal = චමින්ද අත්තනායක | teaching_staff = 150+ | grades = 1 සිට 13 දක්වා | gender = පිරිමි හා ගැහැණු | age_range = 6 සිට 19 දක්වා | enrollment = 3000+ | language = සිංහල ඉංග්‍රීසි | colors = නිල් සහ රන් <br/>{{color box|Blue|border=gray}}{{Color box|yellow|border=gray}} | song = ළහිරු වෙමින් පිබිදෙන අරුණේ... | alumni = Uva royalists / Shakyans (ශාක්‍යන්ස්) }} '''මොනරාගල රාජකීය විද්‍යාලය''' හෙවත් '''ඌව රාජකීය විද්‍යාලය''' යනු ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ජාතික පාසලකි. මෙය මොනරාගල අධ්‍යාපන කලාපය තුළ පිහිටා ඇති අතර වර්ෂ 1969 දී ආරම්භ වූ මෙම විද්‍යාලය, ජාතික පාසලක් ලෙස ශ්‍රී ලංකා මධ්‍යම රජය මගින් පාලනය කරනු ලබයි. ==ඉතිහාසය== වර්ෂ 1969ක් වූ මාර්තු මස 15 වන දින මොනරාගල රාජකීය විද්‍යාලයේ ආරම්භය සනිටුවහන් විය. ඒ එවකට නාමය වූ 'හුලන්දාව නව කණිටු විදුහල' ලෙසිනි. පාසල ආරම්භයේදී එක් ගොඩනැගිල්ලක් හා කුඩා ගුරු හා ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ වූ අතර මෙම පාසල ආරම්භ කිරීමට මූලිකම හේතුව වූයේ එවකට මොනරාගල කච්චේරියේ සේවයට පැමිණි අයගේ දූ දරුවන්ට අධ්‍යාපන අවස්ථා පහසුකර දීම සදහාය. එම නිසා ආරම්භයේ සිටම දිස්ත්‍රික්කයේ ප්‍රභල අවධානයක් පාසලට නිතැතින්ම හිමි විය. ප්‍රථම විදුහල්පති තුමා වූයේ P.S රණතුංග මහතාය. පාසල වර්ධනයත් සමගම එය ශිෂ්‍ය හා ගුරු සංඛ්‍යාව පුළුල් කර ගනිමින් වර්ථමානයේදී තුන් දහසකට වඩා වැඩි ශිෂ්‍ය හා එකසිය පනහකට වැඩි ගුරු සංඛ්‍යාවක් සමග දිස්ත්‍රික්කයේ ඉහළම ගුරු හා ශිෂ්‍ය සංඛ්‍යාව සහිත පාසල බවට වර්තමානයේ දී මොනරාගල රාජකීය ජාතික පාසල පත්ව තිබේ. මෙම කෙටි කාලීන පුළුල් වර්ධනය හේතුවෙන් දිස්ත්‍රික්කයේ පැරණි පාසල් පසු කරමින් දිස්ත්‍රික්කයේ ප්‍රමුඛයා බවට වර්ථමානයේ පත්ව තිබේ. මෙම වර්ධනයත් සමගම හුලන්දාව කණිටු විදුහල 1993 වසරේදී මොනරාගල රාජකීය විද්‍යාලය ලෙසත් පසුව මොනරාගල Royal college ලෙස නම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මධ්‍යම රජය මගින් පාලනය වන ජාතික පාසලක් බවට උසස් කරන ලදී. එ අනුව වර්ථමානයෙ දී දිස්ත්‍රික්කයේ ඉහමළ ශිෂ්‍ය හා පහසුකම් වලින් සුසැදි පාසල් කිහිපයෙන් එකක් බවට මොනරාගල රාජකීය විද්‍යාලය පත්ව තිබේ. මොනරාගල රාජකීය විද්‍යාලයේ විද්‍යාලීය ගීතය වූ "ළහිරු වෙමින් පිබිදෙන අරුණේ..." ගීතය නිර්මාණය සඳහා ශ්‍රී ලංකාවේ අතිශය ප්‍රවීණ ගේය පද රචකයෙකු වන '''රත්න ශ්‍රී විජේසිංහ''' මහතා පද රචනයෙන් ද, '''ලලිතා අලහකෝන්''' මහත්මිය තනු නිර්මාණයෙන් ද දායක වී ඇත. තවද රාජකීය විද්‍යාලයේ සංස්කෘතිය සතු ප්‍රධානම ලක්ෂණයක් වන්නේ ගුරුවරියන් සුදු සාරිය සිය ඇදුම ලෙස භාවිතා කරන ලංකාවෙ එකම පාසල වීමයි. මෙය දශක ගනනාවක් තිස්සේ පාසලේ ආරම්භයේ සිටම පාසලේ අනන්‍යතාවය පිළිබිඹු කරයි.<ref name="LankaLeader">[[https://lankaleader.com/](https://lankaleader.com/){{භින්න වූ සබැඳි|date=June 2026 |bot=InternetArchiveBot |fix-attempted=yes }}</ref> මෙය ඉදිරියේදී ශාක්‍යපුත්‍ර විද්‍යාලය ලෙස නම් කිරීමට විවිධ යෝජනා ඇති අතර එමගින් පාසලේ නිවැරදි අනන්‍යතාවය තවත් පිළිඹිබු කල හැකිය. ==පහසුකම්== රාජකීය විද්‍යාලය දිස්ත්‍රික්කයේ ඉහළම පහසුකම් සහිත පාසල් කිහිපය අතරින් එකකි. විද්‍යාලය ප්‍රධාන වශයෙන් ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය හා උසස් පෙළ අංශයෙන් සමන්විත වේ. වාර්ශිකව පාසලෙන් 400+ පමණ ශිෂ්‍ය සංඛ්‍යාවක් උසස් පෙළ විභාගයට පෙනී සිටින අතර එය මොනරාගල දිස්ත්‍රික්කයේ පාසලකින් පෙනී සිටින ඉහළම සංඛ්‍යාව වේ. පාසල උසස් පෙළ විද්‍යාගාර පහසුකම් (ජීව විද්‍යාගාරය, භෞතික විද්‍යාගාරය හා රසායන විද්‍යාගාර) හා ද්විතීයික පාසල් විද්‍යාගාරයකින්ද සමන්විත වේ. තාක්ෂණ ගොඩනැගිල්ලක් හා කලා ගොඩනැගිල්ලක්ද විද්‍යාලය සතුය. තාක්ෂණ විද්‍යාගාර, කෘෂි විද්‍යාගාර, ගෘහ විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, දන්ත විද්‍යාගාරය, ප්‍රථමාධාර ඒකකයකින්ද පාසල සමන්විත වේ. තවද ශ්‍රවණාගාර, පුස්තකාල, භෝජනාගාර හා සමූපකාර පහසුකම් වලින් හා ශිෂ්‍ය බැංකු පද්ධතියක්ද පාසල සතුය. පාසල සතුව පාසල් බස් රථ හා වාහන රථාංගනයක්ද ඇත. චිත්‍ර, නැටුම්, සංගීත, රංගකලා හා සාහිත්‍ය ඒකකයන්ද පාසල සතුය. තවද දිස්ත්‍රික්කයේ හොදම පෙරදිග හා බටහිර තූර්‍යවාදන කණ්ඩායම් වලින්ද පාසල සමන්විත අතර විශේෂයෙන් දිස්ත්‍රික්කයේ බොහෝ පාසල් සතුව නොමැති විශාල ක්‍රීඩා පහසුකම් පුමාණයක්ද පාසල සතුය. එම නිසා එම පහසුකම් විශේෂයෙන් රාජකීය පාසල් සිසුන් සදහා පමණක් නොව දිස්ත්‍රික්කයේ අනෙක් පාසල් සිසුන් සදහාද විවෘතව පවතී. මොනරාගල රාජකීය විද්‍යාලයේ මාධ්‍ය ඒකකය යනු දිස්ත්‍රික්කයේ ශක්තිමත්ම පාසල් මාධ්‍ය ඒකකයද වේ. ==නිවාස හා ක්‍රීඩාව== මොනරාගල රාජකීය විද්‍යාලය නිවාස හතරකින් සුසැදි අතර එම නිවාස නියෝජනය කරමින් වසර හතරකට වරක් පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි. එහෙදී ජයග්‍රාහක නිවාසයට වර්ණ හා කුසලාන ප්‍රධානයද දක්ෂතා දැක්වූ සිසුන් සදහා සහතික පත් හා පදක්කම් පිරි නැමීමද සිදුවේ. මෙම නිවාස නම්, * {{color box|Blue}} [[දේවානම්පිය තිස්ස රජ|තිස්ස]] * {{color box|red}} [[දුටුගැමුණු රජ|ගැමුණු]] * {{color box|Yellow}} [[විජය රජ|විජය]] * {{color box|Green}} [[පළමුවන පරාක්‍රමබාහු රජ|පැරකුම්]] '''තවද විශේෂයෙන් මොනරාගල රාජකීය විද්‍යාලය හා [[මොනරාගල මහානාම විද්‍යාලය]] අතර 2008 වසරේ සිට වාර්ශිකව පැවැත්වෙන ''Battle of the Mayurens'' හෝ ''Battle of the wellassa brotherhood'' ලෙස හැදින්වෙන ක්‍රිකට් තරගාවලිය ප්‍රදේශයේ පාසල් අතර පැවැත්වෙන උත්කර්ෂවත්ම ක්‍රීඩා සැනකෙළියයි.'''<ref name="CricHeroes">[[https://cricheroes.com/cricket-match/5108035/scorecard/full-scorecard/](https://cricheroes.com/cricket-match/5108035/scorecard/full-scorecard/){{භින්න වූ සබැඳි|date=June 2026 |bot=InternetArchiveBot |fix-attempted=yes }} Royal College Monaragala vs Mahanama NS - Scorecard] - CricHeroes.com</ref> මීට අමතරව පාසල ප්‍රධාන වශයෙන් මොනරාගල කලාප තරග, දිස්ත්‍රික් තරග හා පලාත් තරග සදහා ප්‍රධාන අනුග්‍රහය දක්වයි. මොනරාගල රාජකීය විද්‍යාලය දිස්ත්‍රික්කයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහන සහිත මොනරාගල ප්‍රධානම පාසල් අතරින් එකකි. 2024 වර්ශයේදී රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්තානයේදී (NCC Training Center,Rantambe)මොනරාගල දිස්ත්‍රික්කයේ පළමු වැනි තැන මෙන්ම ඌව පළාතේද පළමු තැන දිනා ගැනීමට මොනරාගල රාජකීය විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම සමත් විය. එමෙන්ම පළාතේ අධ්‍යාපන පෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලින්ද ප්‍රමුඛතම පාසල් අතර පවතින රාජකීය විද්‍යාල ජාතික මට්ටමේ විශාල ජයග්‍රහණ රැසකටද උරුමකම් කියනු ලබයි. ==ආදි විදුහල්පතිවරුන්== *P.S. රණතුංග මයා *H.M.ෆොන්සේකා මයා *E.S.දිසානායක මයා *H.M.ෆොන්සේකා මයා *J.A.විසිදාගම මයා *E.සූරියගේ මිය(1971- 1985) *W.A.D.E.P. ද සිල්වා මිය (1985) *D.P.දහනායක මයා (1985- 2001) *P.G.ප්‍රේමදාස මයා (2001- 2003) *D.M.ධර්මදාස මයා(2003- 2008) *G.D.S.B.ගුණසේකර මයා(2008- 2012) *පූජ්‍ය උල්ලාපොල චන්දානන්ද හිමි(2012- 2013) *R.M.S.ජයසේකර මයා (2013- 2021) *චමින්ද අත්තනායක මයා(2021- Present) ==ඡායාරූප== [[File:Primary buddha statue.png|thumb|ප්‍රාථමික අංශ බුදු මැදුර]] [[File:Rajakeeya matha.png|thumb|Mother of the Royal]] [[File:Royal college Main entrence.jpg|thumb|රාජකීය ප්‍රධාන පිවිසුම]] [[File:Main building.png|thumb|ප්‍රධාන ගොඩනැගිල්ල]] [[File:Riyal Auditorium.png|thumb|රාජකීය ශ්‍රවණාගාරය]] [[File:Picture captured main building.jpg|thumb|පාසල් රැස්වීම් භූමිය හා පුස්තකාලය]] [[File:Gal building.png|thumb|ද්වීතීක අංශ විද්‍යාගාරය ගා ගුරු විවේකාගාර]] [[File:Royal garden.png|thumb|]] ==මූලාශ්‍ර== https://lankaleader.com/lankaleader/page/10?post_id=17705 gse27rzr6q1kgo7mi4hy2vt9qd47kf6 797587 797586 2026-08-11T06:39:44Z RMASRathnayaka 79533 /* ඉතිහාසය */ 797587 wikitext text/x-wiki {{තොරතුරුකොටුව පාසල | name = {{PAGENAMEBASE}} | image = | motto = शील पञ्ञं वड्ढेमा ශීල පඤ්ඤං වඩ්ඪේමා ගුණ නැණ වඩමු English: Let virtue and knowledge grow | region = මොනරාගල අධ්‍යාපන කලාපය | city = [[Monaragala]], [[Monaragala District]] | county = [[Sri Lanka]] | province = [[Uva Province, Sri Lanka|Uva Province]] | coordinates = {{Coord|6.8601762|81.3405264|type:edu_region:LK|display=inline,title|format=dms}} | schooltype = ජාතික පාසල | religious_affiliation = බෞද්ධ | established = 1969 මාර්තු 15; වරස 57කට පෙර | educational_authority = අධ්‍යාපන අමාත්‍යාංශය | principal = චමින්ද අත්තනායක | teaching_staff = 150+ | grades = 1 සිට 13 දක්වා | gender = පිරිමි හා ගැහැණු | age_range = 6 සිට 19 දක්වා | enrollment = 3000+ | language = සිංහල ඉංග්‍රීසි | colors = නිල් සහ රන් <br/>{{color box|Blue|border=gray}}{{Color box|yellow|border=gray}} | song = ළහිරු වෙමින් පිබිදෙන අරුණේ... | alumni = Uva royalists / Shakyans (ශාක්‍යන්ස්) }} '''මොනරාගල රාජකීය විද්‍යාලය''' හෙවත් '''ඌව රාජකීය විද්‍යාලය''' යනු ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ජාතික පාසලකි. මෙය මොනරාගල අධ්‍යාපන කලාපය තුළ පිහිටා ඇති අතර වර්ෂ 1969 දී ආරම්භ වූ මෙම විද්‍යාලය, ජාතික පාසලක් ලෙස ශ්‍රී ලංකා මධ්‍යම රජය මගින් පාලනය කරනු ලබයි. ==ඉතිහාසය== වර්ෂ 1969ක් වූ මාර්තු මස 15 වන දින ඌව රාජකීය විද්‍යාලයේ ආරම්භය සනිටුවහන් විය. ඒ එවකට නාමය වූ 'හුලන්දාව නව කණිටු විදුහල' ලෙසිනි. පාසල ආරම්භයේදී එක් ගොඩනැගිල්ලක් හා කුඩා ගුරු හා ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ වූ අතර මෙම පාසල ආරම්භ කිරීමට මූලිකම හේතුව වූයේ එවකට මොනරාගල කච්චේරියේ සේවයට පැමිණි අයගේ දූ දරුවන්ට අධ්‍යාපන අවස්ථා පහසුකර දීම සදහාය. එම නිසා ආරම්භයේ සිටම දිස්ත්‍රික්කයේ ප්‍රභල අවධානයක් පාසලට නිතැතින්ම හිමි විය. ප්‍රථම විදුහල්පති තුමා වූයේ P.S රණතුංග මහතාය. පාසල වර්ධනයත් සමගම එය ශිෂ්‍ය හා ගුරු සංඛ්‍යාව පුළුල් කර ගනිමින් වර්ථමානයේදී තුන් දහසකට වඩා වැඩි ශිෂ්‍ය හා එකසිය පනහකට වැඩි ගුරු සංඛ්‍යාවක් සමග දිස්ත්‍රික්කයේ ඉහළම ගුරු හා ශිෂ්‍ය සංඛ්‍යාව සහිත පාසල බවට වර්තමානයේ දී ඌව රාජකීය ජාතික පාසල පත්ව තිබේ. මෙම කෙටි කාලීන පුළුල් වර්ධනය හේතුවෙන් දිස්ත්‍රික්කයේ පැරණි පාසල් පසු කරමින් දිස්ත්‍රික්කයේ ප්‍රමුඛයා බවට වර්ථමානයේ පත්ව තිබේ. මෙම වර්ධනයත් සමගම හුලන්දාව කණිටු විදුහල 1993 වසරේදී මොනරාගල රාජකීය විද්‍යාලය ලෙසත් පසුව මොනරාගල Royal college ලෙස නම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මධ්‍යම රජය මගින් පාලනය වන ජාතික පාසලක් බවට උසස් කරන ලදී. එ අනුව වර්ථමානයෙ දී දිස්ත්‍රික්කයේ ඉහමළ ශිෂ්‍ය හා පහසුකම් වලින් සුසැදි පාසල් කිහිපයෙන් එකක් බවට ඌව රාජකීය විද්‍යාලය පත්ව තිබේ. ඌව රාජකීය විද්‍යාලයේ විද්‍යාලීය ගීතය වූ "ළහිරු වෙමින් පිබිදෙන අරුණේ..." ගීතය නිර්මාණය සඳහා ශ්‍රී ලංකාවේ අතිශය ප්‍රවීණ ගේය පද රචකයෙකු වන '''රත්න ශ්‍රී විජේසිංහ''' මහතා පද රචනයෙන් ද, '''ලලිතා අලහකෝන්''' මහත්මිය තනු නිර්මාණයෙන් ද දායක වී ඇත. තවද රාජකීය විද්‍යාලයේ සංස්කෘතිය සතු ප්‍රධානම ලක්ෂණයක් වන්නේ ගුරුවරියන් සුදු සාරිය සිය ඇදුම ලෙස භාවිතා කරන ලංකාවෙ එකම පාසල වීමයි. මෙය දශක ගනනාවක් තිස්සේ පාසලේ ආරම්භයේ සිටම පාසලේ අනන්‍යතාවය පිළිබිඹු කරයි.<ref name="LankaLeader">[[https://lankaleader.com/](https://lankaleader.com/){{භින්න වූ සබැඳි|date=June 2026 |bot=InternetArchiveBot |fix-attempted=yes }}</ref> මෙය ඉදිරියේදී නිළ වශයෙන්ම 'ඌව රාජකීය විද්‍යාලය' ලෙස නම් කිරීමට යෝජනා වී ඇති අතර එමගින් විද්‍යාලයේ අනන්‍යතාවය තවත් නිවැරදිවම පිළිඹිබු කල හැකිය. ==පහසුකම්== රාජකීය විද්‍යාලය දිස්ත්‍රික්කයේ ඉහළම පහසුකම් සහිත පාසල් කිහිපය අතරින් එකකි. විද්‍යාලය ප්‍රධාන වශයෙන් ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය හා උසස් පෙළ අංශයෙන් සමන්විත වේ. වාර්ශිකව පාසලෙන් 400+ පමණ ශිෂ්‍ය සංඛ්‍යාවක් උසස් පෙළ විභාගයට පෙනී සිටින අතර එය මොනරාගල දිස්ත්‍රික්කයේ පාසලකින් පෙනී සිටින ඉහළම සංඛ්‍යාව වේ. පාසල උසස් පෙළ විද්‍යාගාර පහසුකම් (ජීව විද්‍යාගාරය, භෞතික විද්‍යාගාරය හා රසායන විද්‍යාගාර) හා ද්විතීයික පාසල් විද්‍යාගාරයකින්ද සමන්විත වේ. තාක්ෂණ ගොඩනැගිල්ලක් හා කලා ගොඩනැගිල්ලක්ද විද්‍යාලය සතුය. තාක්ෂණ විද්‍යාගාර, කෘෂි විද්‍යාගාර, ගෘහ විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, දන්ත විද්‍යාගාරය, ප්‍රථමාධාර ඒකකයකින්ද පාසල සමන්විත වේ. තවද ශ්‍රවණාගාර, පුස්තකාල, භෝජනාගාර හා සමූපකාර පහසුකම් වලින් හා ශිෂ්‍ය බැංකු පද්ධතියක්ද පාසල සතුය. පාසල සතුව පාසල් බස් රථ හා වාහන රථාංගනයක්ද ඇත. චිත්‍ර, නැටුම්, සංගීත, රංගකලා හා සාහිත්‍ය ඒකකයන්ද පාසල සතුය. තවද දිස්ත්‍රික්කයේ හොදම පෙරදිග හා බටහිර තූර්‍යවාදන කණ්ඩායම් වලින්ද පාසල සමන්විත අතර විශේෂයෙන් දිස්ත්‍රික්කයේ බොහෝ පාසල් සතුව නොමැති විශාල ක්‍රීඩා පහසුකම් පුමාණයක්ද පාසල සතුය. එම නිසා එම පහසුකම් විශේෂයෙන් රාජකීය පාසල් සිසුන් සදහා පමණක් නොව දිස්ත්‍රික්කයේ අනෙක් පාසල් සිසුන් සදහාද විවෘතව පවතී. මොනරාගල රාජකීය විද්‍යාලයේ මාධ්‍ය ඒකකය යනු දිස්ත්‍රික්කයේ ශක්තිමත්ම පාසල් මාධ්‍ය ඒකකයද වේ. ==නිවාස හා ක්‍රීඩාව== මොනරාගල රාජකීය විද්‍යාලය නිවාස හතරකින් සුසැදි අතර එම නිවාස නියෝජනය කරමින් වසර හතරකට වරක් පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි. එහෙදී ජයග්‍රාහක නිවාසයට වර්ණ හා කුසලාන ප්‍රධානයද දක්ෂතා දැක්වූ සිසුන් සදහා සහතික පත් හා පදක්කම් පිරි නැමීමද සිදුවේ. මෙම නිවාස නම්, * {{color box|Blue}} [[දේවානම්පිය තිස්ස රජ|තිස්ස]] * {{color box|red}} [[දුටුගැමුණු රජ|ගැමුණු]] * {{color box|Yellow}} [[විජය රජ|විජය]] * {{color box|Green}} [[පළමුවන පරාක්‍රමබාහු රජ|පැරකුම්]] '''තවද විශේෂයෙන් මොනරාගල රාජකීය විද්‍යාලය හා [[මොනරාගල මහානාම විද්‍යාලය]] අතර 2008 වසරේ සිට වාර්ශිකව පැවැත්වෙන ''Battle of the Mayurens'' හෝ ''Battle of the wellassa brotherhood'' ලෙස හැදින්වෙන ක්‍රිකට් තරගාවලිය ප්‍රදේශයේ පාසල් අතර පැවැත්වෙන උත්කර්ෂවත්ම ක්‍රීඩා සැනකෙළියයි.'''<ref name="CricHeroes">[[https://cricheroes.com/cricket-match/5108035/scorecard/full-scorecard/](https://cricheroes.com/cricket-match/5108035/scorecard/full-scorecard/){{භින්න වූ සබැඳි|date=June 2026 |bot=InternetArchiveBot |fix-attempted=yes }} Royal College Monaragala vs Mahanama NS - Scorecard] - CricHeroes.com</ref> මීට අමතරව පාසල ප්‍රධාන වශයෙන් මොනරාගල කලාප තරග, දිස්ත්‍රික් තරග හා පලාත් තරග සදහා ප්‍රධාන අනුග්‍රහය දක්වයි. මොනරාගල රාජකීය විද්‍යාලය දිස්ත්‍රික්කයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහන සහිත මොනරාගල ප්‍රධානම පාසල් අතරින් එකකි. 2024 වර්ශයේදී රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්තානයේදී (NCC Training Center,Rantambe)මොනරාගල දිස්ත්‍රික්කයේ පළමු වැනි තැන මෙන්ම ඌව පළාතේද පළමු තැන දිනා ගැනීමට මොනරාගල රාජකීය විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම සමත් විය. එමෙන්ම පළාතේ අධ්‍යාපන පෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලින්ද ප්‍රමුඛතම පාසල් අතර පවතින රාජකීය විද්‍යාල ජාතික මට්ටමේ විශාල ජයග්‍රහණ රැසකටද උරුමකම් කියනු ලබයි. ==ආදි විදුහල්පතිවරුන්== *P.S. රණතුංග මයා *H.M.ෆොන්සේකා මයා *E.S.දිසානායක මයා *H.M.ෆොන්සේකා මයා *J.A.විසිදාගම මයා *E.සූරියගේ මිය(1971- 1985) *W.A.D.E.P. ද සිල්වා මිය (1985) *D.P.දහනායක මයා (1985- 2001) *P.G.ප්‍රේමදාස මයා (2001- 2003) *D.M.ධර්මදාස මයා(2003- 2008) *G.D.S.B.ගුණසේකර මයා(2008- 2012) *පූජ්‍ය උල්ලාපොල චන්දානන්ද හිමි(2012- 2013) *R.M.S.ජයසේකර මයා (2013- 2021) *චමින්ද අත්තනායක මයා(2021- Present) ==ඡායාරූප== [[File:Primary buddha statue.png|thumb|ප්‍රාථමික අංශ බුදු මැදුර]] [[File:Rajakeeya matha.png|thumb|Mother of the Royal]] [[File:Royal college Main entrence.jpg|thumb|රාජකීය ප්‍රධාන පිවිසුම]] [[File:Main building.png|thumb|ප්‍රධාන ගොඩනැගිල්ල]] [[File:Riyal Auditorium.png|thumb|රාජකීය ශ්‍රවණාගාරය]] [[File:Picture captured main building.jpg|thumb|පාසල් රැස්වීම් භූමිය හා පුස්තකාලය]] [[File:Gal building.png|thumb|ද්වීතීක අංශ විද්‍යාගාරය ගා ගුරු විවේකාගාර]] [[File:Royal garden.png|thumb|]] ==මූලාශ්‍ර== https://lankaleader.com/lankaleader/page/10?post_id=17705 frvvzx1lgvw11hcvt147ay58nz3wcvf 797588 797587 2026-08-11T06:42:15Z RMASRathnayaka 79533 /* නිවාස හා ක්‍රීඩාව */ 797588 wikitext text/x-wiki {{තොරතුරුකොටුව පාසල | name = {{PAGENAMEBASE}} | image = | motto = शील पञ्ञं वड्ढेमा ශීල පඤ්ඤං වඩ්ඪේමා ගුණ නැණ වඩමු English: Let virtue and knowledge grow | region = මොනරාගල අධ්‍යාපන කලාපය | city = [[Monaragala]], [[Monaragala District]] | county = [[Sri Lanka]] | province = [[Uva Province, Sri Lanka|Uva Province]] | coordinates = {{Coord|6.8601762|81.3405264|type:edu_region:LK|display=inline,title|format=dms}} | schooltype = ජාතික පාසල | religious_affiliation = බෞද්ධ | established = 1969 මාර්තු 15; වරස 57කට පෙර | educational_authority = අධ්‍යාපන අමාත්‍යාංශය | principal = චමින්ද අත්තනායක | teaching_staff = 150+ | grades = 1 සිට 13 දක්වා | gender = පිරිමි හා ගැහැණු | age_range = 6 සිට 19 දක්වා | enrollment = 3000+ | language = සිංහල ඉංග්‍රීසි | colors = නිල් සහ රන් <br/>{{color box|Blue|border=gray}}{{Color box|yellow|border=gray}} | song = ළහිරු වෙමින් පිබිදෙන අරුණේ... | alumni = Uva royalists / Shakyans (ශාක්‍යන්ස්) }} '''මොනරාගල රාජකීය විද්‍යාලය''' හෙවත් '''ඌව රාජකීය විද්‍යාලය''' යනු ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ජාතික පාසලකි. මෙය මොනරාගල අධ්‍යාපන කලාපය තුළ පිහිටා ඇති අතර වර්ෂ 1969 දී ආරම්භ වූ මෙම විද්‍යාලය, ජාතික පාසලක් ලෙස ශ්‍රී ලංකා මධ්‍යම රජය මගින් පාලනය කරනු ලබයි. ==ඉතිහාසය== වර්ෂ 1969ක් වූ මාර්තු මස 15 වන දින ඌව රාජකීය විද්‍යාලයේ ආරම්භය සනිටුවහන් විය. ඒ එවකට නාමය වූ 'හුලන්දාව නව කණිටු විදුහල' ලෙසිනි. පාසල ආරම්භයේදී එක් ගොඩනැගිල්ලක් හා කුඩා ගුරු හා ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ වූ අතර මෙම පාසල ආරම්භ කිරීමට මූලිකම හේතුව වූයේ එවකට මොනරාගල කච්චේරියේ සේවයට පැමිණි අයගේ දූ දරුවන්ට අධ්‍යාපන අවස්ථා පහසුකර දීම සදහාය. එම නිසා ආරම්භයේ සිටම දිස්ත්‍රික්කයේ ප්‍රභල අවධානයක් පාසලට නිතැතින්ම හිමි විය. ප්‍රථම විදුහල්පති තුමා වූයේ P.S රණතුංග මහතාය. පාසල වර්ධනයත් සමගම එය ශිෂ්‍ය හා ගුරු සංඛ්‍යාව පුළුල් කර ගනිමින් වර්ථමානයේදී තුන් දහසකට වඩා වැඩි ශිෂ්‍ය හා එකසිය පනහකට වැඩි ගුරු සංඛ්‍යාවක් සමග දිස්ත්‍රික්කයේ ඉහළම ගුරු හා ශිෂ්‍ය සංඛ්‍යාව සහිත පාසල බවට වර්තමානයේ දී ඌව රාජකීය ජාතික පාසල පත්ව තිබේ. මෙම කෙටි කාලීන පුළුල් වර්ධනය හේතුවෙන් දිස්ත්‍රික්කයේ පැරණි පාසල් පසු කරමින් දිස්ත්‍රික්කයේ ප්‍රමුඛයා බවට වර්ථමානයේ පත්ව තිබේ. මෙම වර්ධනයත් සමගම හුලන්දාව කණිටු විදුහල 1993 වසරේදී මොනරාගල රාජකීය විද්‍යාලය ලෙසත් පසුව මොනරාගල Royal college ලෙස නම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මධ්‍යම රජය මගින් පාලනය වන ජාතික පාසලක් බවට උසස් කරන ලදී. එ අනුව වර්ථමානයෙ දී දිස්ත්‍රික්කයේ ඉහමළ ශිෂ්‍ය හා පහසුකම් වලින් සුසැදි පාසල් කිහිපයෙන් එකක් බවට ඌව රාජකීය විද්‍යාලය පත්ව තිබේ. ඌව රාජකීය විද්‍යාලයේ විද්‍යාලීය ගීතය වූ "ළහිරු වෙමින් පිබිදෙන අරුණේ..." ගීතය නිර්මාණය සඳහා ශ්‍රී ලංකාවේ අතිශය ප්‍රවීණ ගේය පද රචකයෙකු වන '''රත්න ශ්‍රී විජේසිංහ''' මහතා පද රචනයෙන් ද, '''ලලිතා අලහකෝන්''' මහත්මිය තනු නිර්මාණයෙන් ද දායක වී ඇත. තවද රාජකීය විද්‍යාලයේ සංස්කෘතිය සතු ප්‍රධානම ලක්ෂණයක් වන්නේ ගුරුවරියන් සුදු සාරිය සිය ඇදුම ලෙස භාවිතා කරන ලංකාවෙ එකම පාසල වීමයි. මෙය දශක ගනනාවක් තිස්සේ පාසලේ ආරම්භයේ සිටම පාසලේ අනන්‍යතාවය පිළිබිඹු කරයි.<ref name="LankaLeader">[[https://lankaleader.com/](https://lankaleader.com/){{භින්න වූ සබැඳි|date=June 2026 |bot=InternetArchiveBot |fix-attempted=yes }}</ref> මෙය ඉදිරියේදී නිළ වශයෙන්ම 'ඌව රාජකීය විද්‍යාලය' ලෙස නම් කිරීමට යෝජනා වී ඇති අතර එමගින් විද්‍යාලයේ අනන්‍යතාවය තවත් නිවැරදිවම පිළිඹිබු කල හැකිය. ==පහසුකම්== රාජකීය විද්‍යාලය දිස්ත්‍රික්කයේ ඉහළම පහසුකම් සහිත පාසල් කිහිපය අතරින් එකකි. විද්‍යාලය ප්‍රධාන වශයෙන් ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය හා උසස් පෙළ අංශයෙන් සමන්විත වේ. වාර්ශිකව පාසලෙන් 400+ පමණ ශිෂ්‍ය සංඛ්‍යාවක් උසස් පෙළ විභාගයට පෙනී සිටින අතර එය මොනරාගල දිස්ත්‍රික්කයේ පාසලකින් පෙනී සිටින ඉහළම සංඛ්‍යාව වේ. පාසල උසස් පෙළ විද්‍යාගාර පහසුකම් (ජීව විද්‍යාගාරය, භෞතික විද්‍යාගාරය හා රසායන විද්‍යාගාර) හා ද්විතීයික පාසල් විද්‍යාගාරයකින්ද සමන්විත වේ. තාක්ෂණ ගොඩනැගිල්ලක් හා කලා ගොඩනැගිල්ලක්ද විද්‍යාලය සතුය. තාක්ෂණ විද්‍යාගාර, කෘෂි විද්‍යාගාර, ගෘහ විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, දන්ත විද්‍යාගාරය, ප්‍රථමාධාර ඒකකයකින්ද පාසල සමන්විත වේ. තවද ශ්‍රවණාගාර, පුස්තකාල, භෝජනාගාර හා සමූපකාර පහසුකම් වලින් හා ශිෂ්‍ය බැංකු පද්ධතියක්ද පාසල සතුය. පාසල සතුව පාසල් බස් රථ හා වාහන රථාංගනයක්ද ඇත. චිත්‍ර, නැටුම්, සංගීත, රංගකලා හා සාහිත්‍ය ඒකකයන්ද පාසල සතුය. තවද දිස්ත්‍රික්කයේ හොදම පෙරදිග හා බටහිර තූර්‍යවාදන කණ්ඩායම් වලින්ද පාසල සමන්විත අතර විශේෂයෙන් දිස්ත්‍රික්කයේ බොහෝ පාසල් සතුව නොමැති විශාල ක්‍රීඩා පහසුකම් පුමාණයක්ද පාසල සතුය. එම නිසා එම පහසුකම් විශේෂයෙන් රාජකීය පාසල් සිසුන් සදහා පමණක් නොව දිස්ත්‍රික්කයේ අනෙක් පාසල් සිසුන් සදහාද විවෘතව පවතී. මොනරාගල රාජකීය විද්‍යාලයේ මාධ්‍ය ඒකකය යනු දිස්ත්‍රික්කයේ ශක්තිමත්ම පාසල් මාධ්‍ය ඒකකයද වේ. ==නිවාස හා ක්‍රීඩාව== ඌව රාජකීය විද්‍යාලය නිවාස හතරකින් සුසැදි අතර එම නිවාස නියෝජනය කරමින් වසර හතරකට වරක් පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි. එහෙදී ජයග්‍රාහක නිවාසයට වර්ණ හා කුසලාන ප්‍රධානයද දක්ෂතා දැක්වූ සිසුන් සදහා සහතික පත් හා පදක්කම් පිරි නැමීමද සිදුවේ. මෙම නිවාස නම්, * {{color box|Blue}} [[දේවානම්පිය තිස්ස රජ|තිස්ස]] * {{color box|red}} [[දුටුගැමුණු රජ|ගැමුණු]] * {{color box|Yellow}} [[විජය රජ|විජය]] * {{color box|Green}} [[පළමුවන පරාක්‍රමබාහු රජ|පැරකුම්]] '''තවද විශේෂයෙන් ඌව රාජකීය විද්‍යාලය හා [[මොනරාගල මහානාම විද්‍යාලය]] අතර 2008 වසරේ සිට වාර්ශිකව පැවැත්වෙන ''Battle of the Mayurens'' හෝ ''Battle of the wellassa brotherhood'' ලෙස හැදින්වෙන ක්‍රිකට් තරගාවලිය ප්‍රදේශයේ පාසල් අතර පැවැත්වෙන උත්කර්ෂවත්ම ක්‍රීඩා සැනකෙළියයි.'''<ref name="CricHeroes">[[https://cricheroes.com/cricket-match/5108035/scorecard/full-scorecard/](https://cricheroes.com/cricket-match/5108035/scorecard/full-scorecard/){{භින්න වූ සබැඳි|date=June 2026 |bot=InternetArchiveBot |fix-attempted=yes }} Royal College Monaragala vs Mahanama NS - Scorecard] - CricHeroes.com</ref> මීට අමතරව පාසල ප්‍රධාන වශයෙන් මොනරාගල කලාප තරග, දිස්ත්‍රික් තරග හා පලාත් තරග සදහා ප්‍රධාන අනුග්‍රහය දක්වයි. ඌව රාජකීය විද්‍යාලය දිස්ත්‍රික්කයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහන සහිත මොනරාගල ප්‍රධානම පාසල් අතරින් එකකි. 2024 වර්ශයේදී රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්තානයේදී (NCC Training Center,Rantambe)මොනරාගල දිස්ත්‍රික්කයේ පළමු වැනි තැන මෙන්ම ඌව පළාතේද පළමු තැන දිනා ගැනීමට ඌව රාජකීය විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම සමත් විය. එමෙන්ම පළාතේ අධ්‍යාපන පෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලින්ද ප්‍රමුඛතම පාසල් අතර පවතින රාජකීය විද්‍යාල ජාතික මට්ටමේ විශාල ජයග්‍රහණ රැසකටද උරුමකම් කියනු ලබයි. ==ආදි විදුහල්පතිවරුන්== *P.S. රණතුංග මයා *H.M.ෆොන්සේකා මයා *E.S.දිසානායක මයා *H.M.ෆොන්සේකා මයා *J.A.විසිදාගම මයා *E.සූරියගේ මිය(1971- 1985) *W.A.D.E.P. ද සිල්වා මිය (1985) *D.P.දහනායක මයා (1985- 2001) *P.G.ප්‍රේමදාස මයා (2001- 2003) *D.M.ධර්මදාස මයා(2003- 2008) *G.D.S.B.ගුණසේකර මයා(2008- 2012) *පූජ්‍ය උල්ලාපොල චන්දානන්ද හිමි(2012- 2013) *R.M.S.ජයසේකර මයා (2013- 2021) *චමින්ද අත්තනායක මයා(2021- Present) ==ඡායාරූප== [[File:Primary buddha statue.png|thumb|ප්‍රාථමික අංශ බුදු මැදුර]] [[File:Rajakeeya matha.png|thumb|Mother of the Royal]] [[File:Royal college Main entrence.jpg|thumb|රාජකීය ප්‍රධාන පිවිසුම]] [[File:Main building.png|thumb|ප්‍රධාන ගොඩනැගිල්ල]] [[File:Riyal Auditorium.png|thumb|රාජකීය ශ්‍රවණාගාරය]] [[File:Picture captured main building.jpg|thumb|පාසල් රැස්වීම් භූමිය හා පුස්තකාලය]] [[File:Gal building.png|thumb|ද්වීතීක අංශ විද්‍යාගාරය ගා ගුරු විවේකාගාර]] [[File:Royal garden.png|thumb|]] ==මූලාශ්‍ර== https://lankaleader.com/lankaleader/page/10?post_id=17705 t8nq55o0y7mzv1co03k90ahzgtphw2o පරිශීලක:N. A. D. S. Himasha 2 196111 797589 2026-08-11T09:24:01Z N. A. D. S. Himasha 80470 /* */ 797589 wikitext text/x-wiki සිංහල පද්‍ය සාහිත්‍යය ඉතිහාසය සම්බන්ධයෙන් කෝට්ටේ යුගයේ දැක්වූයේ සුවිශේෂී දායකත්වයකි ක්‍රිස්තු වර්ෂ 1812 සිට 1997 කාලයේ පැවතේ කෝට්ටේ යුගය ගද්‍ය සාහිත්‍ය සම්බන්ධයෙන් වෙහෙසට පත්ව සිටි සහෘදයාට සෞන්දර්යාත්මක අසිල්ලක් විය නිකාය සංග්‍රහය තුළදී සඳහන් වනුයේ රයිගම විසූ අලකේශ්වර නම් ප්‍රභූ විසින් කෝට්ටේ යුගය ආරම්භ කර ඇති බවය කෙසේ වුවද කෝට්ටේ සාහිත්‍ය යුගය වර්ධනය සඳහා ප්‍රබල පිටුබලයක් සැපයූ සුදීප්තිමත් රජු ලෙස හයවන පරාක්‍රම බව රජතුමා හැඳෙන ගත හැකිය එම නිසාම මෙම යුගයේ පද්‍ය සාහිත්‍යයේ සරණතම යුගය බවට පත්විය මවකයෙහි බූපති වූ සවැනි පරාක්‍රමබාහු රජු කෝට්ටේ යුගය තුළ බිහි වූ සාහිත්‍ය නිර්මාණයන්ට දක්වා ඇති රාජ්‍ය අනුග්‍රහය ප්‍රබලය මෙලෙස රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබීම නිසා මෙම යෝගය තුළදී පිරිවෙන් අධ්‍යාපනය බිහිවීම ආරම්භ විය ඒත් සමග ගිහි පැවිදි සාහිත්‍යයේ නියැලුණු රචකයන් සිටීම පද්‍ය සාහිත්‍යයේ උන්නතියට හේතු විය මෙම යුගය ප්‍රබල ලෙස වර්ධනය වීම සඳහා තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සහ සපුමල් කුමාරා යන දෙදෙනා දැක්වූ දායකත්වය අතිමහත්ය. මෙලෙස මෙම යුගය තුළ පිරිවෙන් අධ්‍යාපනය ප්‍රචලිත වීමත් සමග රාමවාසී හා වනවාසී ලෙස භික්ෂු පරම්පරා දෙකක්ද බිහිවිය ග්‍රාමවාසී භික්ෂු පරම්පරාව ලෞකිකත්වයට ද වනවාසී භික්ෂු පරම්පරාව ලෝකෝත්තරයටද නැඹුරුව කටයුතු කර ඇත මේ කෝට්ටේ යුගයේ වර්ධනය වීමට දක්වා ඇත්තේ ප්‍රබල පිටිවහලකින්. මීට අමතරව කෑරගල පද්මාවතී හැපිලියානේ සුනේත්‍රාදේවි ආදී පිරිවෙන්ද මෙම යුගය තුළ බිහිවී ඇත එය මෙකල වර්ධනය සඳහා මෙන්ම තොටගමුවේ ශ්‍රී රාහුල හිමිව ඇත්තෑවේ හිමි සහතික පිරුවෙන් ප්‍රති ආදී පඬිවරුන් බිහිවීමට ප්‍රබල පිටිවහලක් සපයා ඇත මෙතුළින් ගම්‍ය වනු ලබනුයේ කෝට්ටේ යුගය වර්ධනය සම්බන්ධයෙන් එකල  භූපතිවරුන් සහ පිරිවෙන් අධ්‍යාපනය දක්වා ඇති පිටුබලය  අතිමහත් බව වෙයි මෙලෙස සුදීප්තිමත් යුගයක් ලෙස පැවති කෝට්ටේ යුගය හයවන පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පසු ක්‍රම ක්‍රමයෙන් පරිහානියට ලක් විය කෝට්ටේ යුගය පරිහානියට බලපෑ ප්‍රධානතම කාරණය වනුයේ විජයබා කොල්ලය වෙයි එම නිසා තනි රාජ්‍යයක් ලෙස පැවති කෝට්ටේ යුගය ප්‍රධාන කොටස් තුනකට වෙන් විය එය කෝට්ටේ යුගයේ පරිහානියට අඩිතාලම තැනූ ප්‍රබලතම සාධකය විය. එමෙන්ම මෙලෙස කෝට්ටේ රාජධානිය බිඳී යාමත් සමග විදේශිකයන්ට කෝට්ටේ රාජධානියට කළ හැකි බලපෑම අධික විය එම නිසාම කෝට්ටේ රාජධානිය තෑගි ඔප්පුවක් ලෙස පෘතුගාලයට ප්‍රධානය කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සිදුවිය ඒත් සමග කෝට්ටේ රාජධානිය සම්පූර්ණයෙන්ම පෘතුගීසීන්ට යටත් වී අවසන් විය. thcd1a1aipxrbak5xsu76bfnj5yiw1f