Wikibooks siwikibooks https://si.wikibooks.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80 MediaWiki 1.47.0-wmf.14 first-letter මාධ්‍යය විශේෂ සාකච්ඡාව පරිශීලක පරිශීලක සාකච්ඡාව විකිපොත් විකිපොත් සාකච්ඡාව ගොනුව ගොනුව සාකච්ඡාව මාධ්‍යවිකි මාධ්‍යවිකි සාකච්ඡාව සැකිල්ල සැකිලි සාකච්ඡාව උදවු උදවු සාකච්ඡාව ප්‍රවර්ගය ප්‍රවර්ග සාකච්ඡාව විෂයය විෂයය සාකච්ඡාව කණිෂ්ඨ විකි කණිෂ්ඨ විකි සාකච්ඡාව TimedText TimedText talk Module Module talk Event Event talk සැකිල්ල:දරුවන් වෙනුවෙන් පොත් 10 3481 38969 13419 2026-08-11T14:29:04Z ~2026-44260-42 3884 38969 wikitext text/x-wiki <div style="text-align:center; margin-bottom:10px;">'''[[සැකිල්ල:දරුවන් වෙනුවෙන් පොත්|තවත් තෝරාගත් ළමා පොත් »]]</div> [[අන්දරේ#අන්දරේ_සීනි_කෑ_හැටි|'''අන්දරේ සීනි කෑ හැටි''']]<br /> රජ කාලේ ලංකාවේ සීනි හැදුවේ නැහැ. පිටරටවලින් තමයි සීනි ගෙනාවේ. රටේ සාමාන්‍ය මිනිසුන්ට සීනි නොතිබුනාට රජගෙදරටනම් සීනිවලින් අඩුවක් වුනේ නෑ. දවසක්දා අන්දරේ රජ ගෙදර පැත්තේ යනකොට රජ මිදුල පුරාම පැදුරුවල දාලා සීනි වේලනව. මොකද, සීනි තියෙන්නෙ ගෙයි ඇතුලෙ ගෝනිවල. ඉතින් ටික දවසක් සීනි ගෝනිවල තියෙනකොට වතුර උරල තෙතබරි වෙනව. එතකොට සීනි අව්වේ දාලා වේලා ගන්න ඕනෑ. [[අන්දරේ|අන්දරේත්]] සීනි දැකල තිබුණ කෙනෙක් නෙවෙයි. රජ මිදුල පුරාම දුඹුරු පාටට වනල තියෙන්නෙ මොනවද කියල දැනගන්නතුරු ඉවසිල්ලක් නෑ. අන්දරේ ඉතින් උගුරහෙම පාදල එකස්පස්ව ඉඳල රජතුමාගෙන් අහනවා. “දේවයන්වහන්ස, මොනවද අර මිදුල පුරාම පැදුරුවල දාලා වේලන්නේ, අලුත් විදියේ ධාන්‍ය වර්ගයක්වත් රටවැසියෙකුගෙන් ලැබිල ද?” අන්දරේ එහෙම ඇහුවෙ, ඒ කාලේ රටේතොටේ අලුත් වටින කියන දෙයක් රටවැසියෙකුට ලැබුනොත් රටේ රජ්ජුරුවන්ට ගිහිල්ල දෙන එක තමයි සිරිත. එහෙම ගිහිල්ල දෙන කෙනෙකුට මොනව හරි සංතෝෂමක් දෙන්නත් රජ්ජුරුවො අමතක කළේ නැහැ. අන්දරේගේ හැටිපාට රජ්ජුරුවෝ නොදන්නවයැ, උදේ හවස මාළිඟාවට යනඑන අන්දරේට සීනිවල රස වැටුනොත් වැඩි දවසක් යන්න කලියෙන් සීනි ටික කොහේ ගියාද නැතිවෙයි. ඒ හින්ද රජ්ජුරුවොත් ගත් කටටම කියාපි, “අන්දරේ,ඕවා මේ අපේ උයන්පල්ලා පළතුරු උයනට දාන්න හදාපු පොහොර පස් වගයක්නේ.ඔය පොහොර පළතුරු ගස්වලට දාපුවාම ඒවයෙ හැදෙන පළතුරු මීපැණි වගේ රස වෙනවලු” රජ්ජුරුවෝ එහෙම කිව්වෙ අන්දරේට කිසිම සැකයක් සාංකාවක් ඇති නොවෙන විදියට.මොකද රජ්ජුරුවන්ගෙ උයන කියාපුවාම ඒක රටේ තියෙන හොඳම උයන වෙන්න එපායැ.උයන ලස්සනට තියාගත්තට විතරක් මදි.උයනේ තියෙන එළවලු පළතුරු ඉස්තරම් වෙන්නත් ඕනෑ.ඒකට ඉතින් උයන්පල්ලා නොකරන දෙයක් නැහැ. නොයෙක් විදියේ සාත්තු සප්පායම් කරනවා‚අත්හදා බැලීම් කරනවා. රටේ තොටේ තියෙන හොඳම පළතුරු ගස් ගෙනත් හිටවනවා විතරක් නොවෙයි ඒවායේ රස ගුණ වැඩි කර ගන්න යොදන පොහොර ජාතිත් උයන්පල්ලම හදා ගන්නවා.ددددددد කොහොම උනත් අන්දරේටනම් මේ අමුතු විදියේ පොහොර ජාතිය ගැන තව ටිකක් විපරම් කරල බලන්න කියල හිතුන.අන්දරේගෙ හැටි එහෙම තමයි.ඔහුගේ රාජකාරියනම් හැබයි රජ ගෙදර කවටකම් කරන එක තමයි.ඒ වුනාට රජ ගෙදර කරන කියන දේවල් ගැන අන්දරේ හොඳ විපරමෙන් තමයි නිතරම ඉන්නේ.එහෙම කරන්නේ යහපත් හිතකින් මිසක්,කාටවත් කරදරයක් හිරිහැරයක් කරන්න නොවෙයි.එහෙම විපරමෙන් ඉන්නකොට තමයි රජ්ජුරුවෝ හිත සතුටින් ඉන්නවාද, කෝපවෙලා ඉන්නවාද, ශෝකයෙන් ඉන්නවාද, කියල දැන කියා ගන්න ලේසි පහසු වෙන්නේ. රජ්ජුරුවන්ට කවටකම් කරන්නෙත් නිකම් ආවාට ගියාට නොවෙයි.කවටකම්වල ගැඹුරු තේරුමක් තියෙනවා.කවටකම් කරනකොට, හිනා වෙනකොට, හිත සැහැල්ලුවෙන් තියාගන්න පහසුයි. රටක් පාලනය කරන එකත් ලේසි පහසු රාජකාරියක් නොවෙයි.කැරැළි කෝළාහල ඇති වුනාම ඒවා මැඬ පවත්වන්න ඕනෑ.රටවැසියන්ට ගොවිතැන් කරන්න ඕනවෙන වැව් අමුණු හදන්න ඕන.ලෙඩ දුක් වසන්ගත ඇති වුනාම ඒවාට පිළියම් හොයන්න ඕනෑ.එහෙම වැඩ රාජකාරි වැඩිවෙනකොට රජ්ජුරුවන්ගේ හිත ගිනි කබලක් වගේ.එහෙම වෙලාවට අන්දරේගේ කවටකමකින් තමයි හිත සැහැල්ලු කරගන්න පුලුවන්.එහෙම හිත සැහැල්ලු වුනාම තීන්දු තීරණ ගන්න පහසු වෙනව.එතකොට තමයි රජ්ජුරුවන්ට රටට හොඳ සේවයක් කරන්න පුලුවන් වෙන්නෙ. l4nc4cx1h1razayztpxds923rkjj2tc